කොල්කටා වෛද්‍යවරියගේ ඝතකයාගේ CCTV දර්ශන නිකුත් වෙයි

කොල්කටා හි වෛද්‍යවරිය දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියේ චූදිත සන්ජෝයි රෝයි රෝහලට ඇතුළුවන ආකාරය දැක්වෙන ආරක්ෂිත කැමරා දර්ශන නිකුත්ව තිබෙනවා.

ඝාතනයට ලක් වූ වෛද්‍යවරියගේ මෘත ශරීරය අසලින් සොයාගත් බ්ලූටූත් ඉයර්ෆෝනය සැකකාර සන්ජෝයි රෝයිගේ ගෙළ වටා ඇති ආකාරය ද නිකුත් කර ඇති ආරක්ෂිත කැමරා දර්ශනවල දැක්වෙනවා.

සැකකරු අගෝස්තු 09 වනදා අලුයම 1.03ට රෝහලට ඇතුළු වී ඇති අතර, ඉන් අනතුරුවයි මෙම අපරාධය සිදුකර ඇත්තේ.

මේ අතර සැකකරු අපරාධයට පෙර ඝාතනය කළ වෛද්‍යවරිය සහ තවත් කනිෂ්ඨ වෛද්‍යවරුන් හතර දෙනෙකු දෙස බලා සිටින ආකාරය රෝහලේ ළය වාට්ටුවේ සී.සී.ටී.වී කැමරා දර්ශනවල දැක්වෙන බවයි ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කළේ.

සැකකාර සන්ජෝයි රෝයි පුහුණුව ලත් බොක්සිං ක්‍රීඩකයෙකු වන අතර, ඔහු වසර ගණනාවක් තිස්සේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සමඟ සමීප සම්බන්ධතා පවත්වාගෙන ගොස් ඇති බවට ද අනාවරණය වී තිබෙනවා.

එම සම්බන්ධතා මත ඔහු කොල්කටා පොලිස් සුභසාධක මණ්ඩලයට ගොස්, ආර්ජී කාර් වෛද්‍ය විද්‍යාලයේ සහ රෝහලේ පොලිස් මුරපොලේ සේවය සඳහා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර අපරාධය පිළිබඳව විමර්ශන පවත්වන සැකකාර සන්ජෝයි රෝයිගේ DNA සහ මනෝවිශ්ලේෂණ වාර්තා ඉදිරි විමර්ශන සඳහා බලාපොරොත්තුවෙන් සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් සැකකරු විසින් තමන් වෛද්‍යවරියට සිදුකළ අපරධය පිළිබඳව මේ වනවිටත් පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41