පාසල් සිසුවෙකු කොරෝනා වෛරසය අසාදනය විමෙන් පසු බාහිර පන්තියක් සදහා සහභාගි විම හේතුවෙන් එම බාහිර පන්තියට සහභාගි වි සිටි සිසු සිසුවියන් 11 දෙනෙකු ,පන්තිය පවත්වාගෙන ගිය ගුරුවරිය ස්වයං නිරෝධානයට යොමු කර එම පන්තිය වසා දැමිමට බගවන්තලාව මහජන සෞඛ්‍යය පරික්ෂක පි.වරදරාජන් මහතා (16) දින කටයුතු කර ඇත.
බගවන්තලාව සෙන් මේරිස් දමිල මහා විද්‍යාලයේ 9 බි වසරේ අධ්‍යාපනය ලබන සිසුවෙකුට වෛරසය අසාදනය වි ඇති බව (16) දින ලද පි.සි.ආර් පරක්ෂණ වාර්තා අනුව තහවුරු විමත් සමග සිසුවා බගවන්තලාව මොරා වත්තේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර එම අසාදිත සිසුවාගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කල බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1