කොරෝනා නිසා මාරාන්තික විනාසයක්! UN හී නවතම අනතුරු ඇඟවීම

කොරෝනා වසංගත ගෝලීය වසංගතයක් ලෙස ව්‍යාප්ත වීම ආරම්භ වීමත් සමඟ ලෝකයේ ජීවත් වෙන බොහෝ දෙනා දැඩි මානසික පීඩනයකින් ජීවත් වෙමින් සිටින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවසා තිබේ.

මේ හේතුවෙන් ලෝකය පුරාවට ජීවත් වෙන බොහෝ පිරිසක් දරිද්‍රතාවයටත්, විරැකියාවටත් මුහුණ දෙමින් සිටින බවද එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කරලා තිබෙනවා.

මෙවැනි සාධකයන් නිසා දැනටමත් ලෝකයේ බොහෝ දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිතයට දැඩිව ඇබ්බැහි වී ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

එක්සත් ජාතින්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය විසින් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් පවසා තිබුණේ අඩු ආදයම් ලාභි රටවල මෙහි ඉහළම අවදානමට ලක්වීමට ලොකු ඉඩ කඩක් පවතිනවා කියලයි.

එම කාර්යාලය විසින් නිකුත් කරන ලද වාර්තාවක සඳහන් වන්නේ 2030 පමණ වන විට ලෝකයේ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් ප්‍රමාණය 11%කින් ඉහළ යනු ඇති බවයි. පසුගිය 2020 වසරේ දී ලෝකයේ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් ප්‍රමාණය මිලියන 275ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වෙනවා. 

එම ප්‍රමාණය 2010 වසරේ දී ලෝකයේ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් ප්‍රමාණය වී තිබුණේ මිලියන 226ක් පමණක් වන අතර පසුගිය දශකයක කාලය තුළ එම ප්‍රමාණය ඉතා ඉහළ අගයකින් වැඩි වීමට පටන්ගෙන තිබුණා. 

පසුගිය වසරේ දී ආරම්භ වුණු කොරෝනා වසංගතය මෙම ඉහළ යෑම තවත් ත්ව්ර කරනු ඇති බවටයි එක්සත් ජාතින්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය විසින් අනතුරු අඟවා තිබුණේ.

2020 වසරේ දී මිලියන 119ක්ව සිටි ද්‍රරිද්‍රතාවයෙන් පෙළෙන පිරිස මිලියන 124ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර බිලියන 1.6කට කොරෝනා නිසා අධ්‍යාපනය ලැබිමට අවකාශයද අහිමිව ගොස් අවසන්.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලෝකයේ ආර්ථිකයට සිදුවූ හානිය හේතුවෙන් ලෝකය පුරාවට විරැකියාවද ඉහළ ගොස් ඇති අතර මෙවන් හේතු රාශියක් හමුවේ පීඩාවට පත් ජනතාව විසින් මත්ද්‍රව්‍ය සිය පිඩනය නැති කර ගැනීමේ විසඳුමක් ලෙස දකිමින් සිටින බව වාර්තා වෙනවා.

“වසංගත කාලය තුළදී වැඩි පිරිසක් දරිද්‍රතාවයට පත්ව තියෙනවා. තවත් විශාල පිරිසකට රැකියා අහිමි වෙලා. බොහෝ සිසුන් පිරිසක් වසර දෙකක් තිස්සේ පාසලෙන් ඈත් වෙලා. දරිද්‍රතාවය සහ විරැකියාව මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ට අවදානම් සාධක බව අපි හොඳින්ම දන්නවා.” යැයි එක්සත් ජාතින්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ පර්යේෂණ ප්‍රධානී ඇන්ජෙලා මී විසින් විදෙස් මාධ්‍ය හමුවේ සඳහන් කර තිබුණා.

කොරෝනා වසංගතයේ පළමු අදියරේදී ලෝකයේ බොහෝ ප්‍රදේශවල  මත්ද්‍රව්‍ය සහ එවැනි ඖෂධ අලෙවි කරන වෙළඳපොල තාවකාලිකව කඩාකප්පල් වී තිබුණද ඒවා ඉක්මනින් යථා තත්ත්වයට පත්ව ඇති බවටත් එම කාර්යාලය නිකුත් කළ වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39