කොරෝනා එන්නත් ලබා ගැනීමට නුසුදුසු අය මෙන්න

අසාත්මිකතා ඇති පුද්ගලයන්ට කොවිඩ් එන්නත් ලබා ගත හැකිද?

කොරොනා එන්නත් ලබා ගැනීමට යන අවස්ථාවේදී ඔබට පිරවීමට දෙන පෝරමයේ ඔබට ආසාත්මික තා ඇතිදැයි අසන ප්‍රශ්නයක් ඇත. මීට පිළිතුරු සැපයීමට යාමේදී බොහෝ දෙනා කිසියම් චකිතයකට ලක්වේ.

සැබවින්ම ඔබට ආසාත්මිකතා ඇතිනම් එන්නත ලබා ගත නොහැකිද? නොඑසේ එන්නත ලබා ගත නොහැක්කේ කෙබදු ආසාත්මිකතා ඇත්තන්ටද? අපි මේ ගැන විමසා බැලීමට කල්පනා කළා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර බී.බී.සී. පුවත් සේවයට ආසාත්මිකතා සම්බන්ධයෙන් මෙවැනි පැහැදිලි කිරීමක් කර තිබුණා.

ඔබට ලබා දෙන එන්නතෙහි අඩංගු ඕනෑම සංඝටකයකට ඔබට මින් පෙර දරුණු අසාත්මිකතා තත්වයක් (anaphylaxis) ඇතිවී ඇත්නම් එන්නත ලබා ගැනීම සුදුසු නොවේ.

එන්නතෙහි පළමු මාත්‍රාවෙන් පසුව දරුණු අසාත්මිකතා තත්වයක් (anaphylaxis) ඇති වුණි නම් එම පුද්ගලයින් එම එන්නතෙහි දෙවෙනි මාත්‍රාව ලබා නොගත යුතුය.

එන්නත් හෝ එන්නත්වලට සම්බන්ධ නොවන අසාත්මිකතා උදා: ආහාර වර්ග,සුරතල් සතුන්, සර්ප විෂ, පාරිසරික සංඝටක හෝ රබර් නිෂ්පාදන වැනිදේ සඳහා මින් පෙර දරුණු අසාත්මිකතා (anaphylaxis) පිළිබඳ ඉතිහාසයක් ඇති පුද්ගලයින් සඳහා ද කොවිඩ් 19 එන්නත ලබා ගත හැකිය (ඇමෙරිකා එක්සත් ජනපදයේ CDC ආයතනයේ නිර්දේශ).

ඖෂධ වර්ගවලට (උදා : Aspirin, Paracetamol, Ibuprofen, Amoxicillin වැනි ) අසාත්මිකතා ඇති අය හෝ පවුලේ දරුණු අසාත්මිකතා ඉතිහාසයක් (family history of anaphylaxis) ඇති පුද්ගලයින්ට ද එන්නත ලබා ගත හැකිය.

එන්නතක් ප්‍රතිකාරයකදී මින් පෙර ඔබට ක්ෂණික ආසාත්මිකතා ප්‍රතික්‍රියාවක් ඇති වී තිබේ නම් (දරුණු හෝ දරුණු නොවන ) ඔබට COVID-19 එන්නතක් ලබා ගැනීම සුදුසු දැයි ඔබේ වෛද්‍යවරයාගෙන් විමසන්න. ඔබට එන්නත ලබා ගැනීම ආරක්ෂිත දැයි තීරණය කිරීමට ඔබේ වෛද්‍යවරයා ඔබට උදව් කරනු ඇත.

එන්නත ලබා ගැනීමෙන් පසුවද විනාඩි 15ක නිරීක්ෂණ කාලයක් තුළ ඔබ හට අසාත්මිකතා හටගැනීම පිළිබඳ නිරීක්ශණය කෙරෙනු ඇත (ඉතාමත්ම කලාතුරකින් ඇතිවිය හැකිය). එබැවින් එන්නත ලබා ගැනීමට බිය නොවන්න.

– aruna



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12