spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොරෝනා ආසාදිත වන කුඩා දරුවන් ගැන සතුටුදායක පුවතක්

කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර සඳහා දෛනිකව රෝහල් ගත කරන කුඩා දරුවන් ප්‍රමාණය සැළකිය යුතු ලෙස පහළ ගොස් තිබෙනවා. 

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය කියා සිටියේ පසුගිය සති දෙකක පමණ කාලයට සාපේක්ෂව දෛනිකව සිය රෝහලට ඇතුලත් කරන කොරෝනා වෛරසය ආසාදිත කුඩා දරුවන් ප්‍රමාණය දස දෙනෙකු පමණ දක්වා අඩුවී ඇති බවයි. 

මෙම තත්ත්වය තවදුරටත් යහපත් අතට පත්කර ගැනීම සඳහා වැඩිහිටියන් කුඩා දරුවන් පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

කොරෝනා ආසාදිතව සිට සුවය ලබන දරුවන්ට ඉන් පසුව වැළදිය හැකි රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් ද වැඩිහිටියන් අවධානයෙන් කටයුතු කළ යුතු බවයි මෙහිදී වැඩි දුරටත් ප්‍රකාශ කෙරුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
26
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?