කොරෝනා ආසාදිත මව්කිරි ලබා දෙන අම්මලාට දැනුම්දීමක්

ජාතික මව්කිරි දීමේ සතිය හෙටින් ආරම්භ වනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කළේ එය ලබන 07 වනදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිත බවයි.


මෙවර ජාතික මව්කිරි දීමේ සතිය ක්‍රියාත්මක වන්නේ සුරැකීම – මව්කිරි දීම – වගකීම අප සැමගේම යන්න තේමා කර ගනිමින්. ශ්‍රී ලංකාව ළදරුවන්ට මව්කිරි දීම තුළ ප්‍රමුඛතාවයක් හිමි කර ගෙන ඇති අතර මෙරට මව්වරුන්ගෙන් සියයට 99 ක් සිය බිළින්දන්ට මව්කිරි ලබා දෙන බව සනාථ වී තිබෙනවා. කෙසේ වෙතත්, පවතින කොරෝනා තත්වය හමුවේ ඇතැම් මව්වරුන් සිය බිළිඳන්ට මව්කිරි දීමට බිය වන ස්වභාවයක් නිරීක්ෂණය වී ඇති බවයි පවුල් සෞඛ්‍ය කාර්යංශය සඳහන් කළේ. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ කොරෝනා මර්දන එන්නත් ලබාගත් මව්වරුන්ට මෙන්ම කොරෝනා ආසාදිත මවකට වූවද තම බිළිඳාට ආරක්ෂිතව මව්කිරි ලබාදීම සිදුකළ හැකි බවයි. 

මේ දක්වා මෙරටින් කොරෝනා ආසාදනය වූ ගැබිණි සහ කිරිදෙන මව්වරුන් 2,404 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉන් 14 දෙනෙකු මිය ගොස් ඇති අතර, ඔවුන් සියලු දෙනා කොරෝනා 03 වන රැල්ලේදී වාර්තා වී ඇති බවයි විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා සඳහන් කළේ. එලෙස මියගොස් ඇති බහුතරය නිධන්ගත රෝගවලින් පෙලෙන මව්වරුන් සහ අධික ස්ථූලතාවයෙන් යුතු අවරුදු 35ට වැඩි මව්වරුන් බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුටු චුට්ටක් එහෙට මෙහෙට මාරුවෙයි..කවුරුවත් කලබල වෙන්න එපා - ජනපති අනුර කිව්ව අමුතු කතාව
01:33
Video thumbnail
අවුරුදු ගාණක් තම පවුල නඩත්තු කළ එළදෙනගේ අහිමිවීම කොහොම දරාගන්නද ?බලන්නකෝ ඒ ආදරය
02:45
Video thumbnail
එළදෙන බේරගන්න ගිය ලොරි රථය කාර් රථයක වැදී බිහිසුණු අනතුරක් - එළදෙන එතනම එළොව ගිහින්
03:39
Video thumbnail
Pop Culture Festival වෙනුවෙන් ලෝක ප්‍රසිද්ධ Alan Walker දිවයිනට ආපු හැටි
00:24
Video thumbnail
'නවෝදයාපුරම්' නිවාස ව්‍යාපෘතිය ජනපති සුරතින් ජනතා අයිතියට"ලස්සන ජීවිතයක් දුන්නට අනුර මාමාට ස්තූතියි"
02:10
Video thumbnail
ඉතිහාසයේ බිහිවෙච්ච පහත්ම ආණ්ඩුව මේක - තව ටික කාලයයි උඹලට බලය තියෙන්නේ
05:44
Video thumbnail
රුමේෂ් තරංගගේ දිණුමත් සමඟ පවුලේ අය සතුට සමරපු හැටි - දක්ෂතාව මීටර 92.07ක්
02:26
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46