spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොරෝනා ආසාදිතයන් 9ක් හමුවෙයි

අද (20) දිනයේ මෙරටින් කොරෝනා වෛරස් ආසාදිතයන් 9 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 672366ක් ලෙසටයි.

සුවය ලබා ඇති ආසාදිතයන් සංඛ්‍යාව 655432ක්.

මෙරටින් කොරෝනා මරණ 16864ක් වාර්තාවී අතර මේවන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයන් සංඛ්‍යාව 61ක්.

මේ අතර ගතවූ පැය 24ක කාලය තුල කොරෝනා බවට සැක කෙරෙන මරණ 3ක් ද වාර්තාවී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (20) ප්‍රකාශයට පත් කළ කොවිඩි මරණ සටහන අනුව ඊයේ (19) දිනයේ කොවිඩ් ආසාදිතයන්ගේ එක් මරණයක් වාර්තා වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
6
+1
5
+1
3
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?