spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොරියානු රස්සා සිහින පෙන්වූ හොර ඒජන්සිකරු පේරාදෙණියේ දී කොටු

දකුණු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසමින් අයදුම්පත් කැදවා මුදල් අය කර අනතුරුව සම්මුඛ පරීක්ෂණ පැවැත් වූ බව කියන පුද්ගලයෙක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පේරාදෙණිය – ගැටඹේ ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වා ගෙන ගිය පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකරුට දකුණු කොරියාවේ රැකියා ලබාදීමට අවසරක් ලබාගෙන නිමති බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් සඳහන් කළේ.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් වැටලීම සිදුකරන අවස්ථාවේදීත් විශාල පිරිසක් සම්මුඛ පරීක්ෂණ සදහා පැමිණ සිට ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී සැකකරු සන්තකයේ තිබී විවිධ පුද්ගලයින්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 275ක්,රැකියා අයදුම්පත් සහ පොලිස් සහතික පත් 615ක් ඇතුළු විශාල ලිපිගොනු ප්‍රමාණයක් එම නිලධාරීන්ගේ භාරයට ගෙන තිබෙනවා.

3000 කට වැඩි පිරිසක් සැකකරුගේ මෙම වංචාවට හසු වී ඇති බවයි විමර්ශණවල දී අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?