කොර්ඩේලියා කෲස් සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාවේ මංගල ගමන ශ්‍රී ලංකාවට

ඉන්දියාවේ කොර්ඩේලියා කෲස් සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව සිය පළමු ජාත්‍යන්තර ගමන සඳහා ශ්‍රී ලංකාව තෝරාගෙන ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව කොර්ඩේලියා කෲස් සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව එළඹෙන 05 වනදා චෙන්නායි වරායෙන් ශ්‍රී ලංකාව බලා ගමන් ආරම්භ කිරීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ලබන 05 වනදා එලෙස ගමන් අරඹන මෙම නෞකාව 07 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර, නෞකාව පිළිගැනීමට විශේෂ උත්සවයක් ද සංවිධානය කර ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව ඉන්දියාවේ චෙන්නායි නුවර සිට හම්බන්තොට, ත්‍රිකුණාමල සහ යාපනය වරායන් වෙත ලබන ජූනි මාසයේ සිට ගමන් කිරීමට නියමිතව තිබෙනවා.

කොර්ඩේලියා කෲස් නෞකා සේවය මෙතෙක් ඉන්දියාවේ අභ්‍යන්තර මගී ප්‍රවාහන නෞකා සේවයක් ලෙස ක්‍රියාත්මක වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17
Video thumbnail
කැප්ටන් වීම ගැන ධනංජය හරිම සතුටින් කිව්ව දේ - දික්වැල්ලට, ධනංජයගෙන් උපදෙස්
04:08
Video thumbnail
කඩුලු රැකීමේ දී දිකවැල්ල ඉදිරියෙන් ඉන්නවා - හොඳ තරගයක් දෙන්න පුළුවන්
02:45
Video thumbnail
වීමෝල් හිමියන්ට අපි දෙනවා පොලී රහිත ණයක්..මේක අනිවාර්යෙන්ම ගෙවන්න ඕනි
09:26
Video thumbnail
උසස් පෙළ ප්‍රශ්න පත්‍ර එළියට පිටවෙලාද? නාලක කළුවැව සියල්ල හෙළිකරයි
02:12