කොයි තරම් අව්වේ හිටියත් කලු වෙන්නේ නෑ. ඒක පෙර පිනක්..

පුංචි තිරයට කලින් කලට එකතුවන නව පරපුරේ රංගන ශිල්පීන් අතර මේ දිනවල වැඩි කතාබහකට ලක්ව තිබෙන චරිතයක් වෙනුවෙන් සතිඅන්ත පුවත්පතක ඉඩක් වෙන්වී තිබුණා.
ඒ ප්‍රවීණා පෙරේරා නම් ඇය ගැන කතාබහ කරන්නට.

‘චලෝ’ හරහා අද ප්‍රවීණා ගැන ගොඩක් දෙනෙක් කතාබහ කරනව නේද?

ඔව්, ඇත්තටම මේ වෙද්දි ‘චලෝ’ හි හංසි ගැන කතාබහ කරන පිරිසක් ඉන්නවා. ‘චලෝ’ කියන්නෙ පාපන්දු ක්‍රීඩාව හා බැදුණු කතාවක්, සත්‍ය කතාවක් ඇසුරින් තමයි ලියවෙන්නෙ. ඉතින් මේ රංගනය මට අලුත්ම අත්දැකීමක්. අහම්බෙන් ලැබුණු අවස්ථාවක්. ඉතින් ඉතා හොඳ ප්‍රතිචාර එක්ක ඒ වැඩකටයුත්ත ආසාවෙන් කරගෙන යනවා.

මේ රංගන අවස්ථාව ලැබෙන්නෙ අහම්බෙන් කිව්වනෙ ඒ ගැන කතා කරමු?
මේ නාට්‍යය පාපන්දු ක්‍රීඩාවත් එක්ක බැඳුණු කතාවක් නිසා පාපන්දු ක්‍රීඩාවෙ යෙදෙන ගැහැනු ළමයි කිහිප දෙනෙක් මේ වෙනුවෙන් අවශ්‍ය වෙලා තිබුණා.

මම ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවක් කියන දේ මෙහි තිර පිටපත් රචිකාව දන්නවා.

මාව හඳුනන කෙනෙක්ගෙ මාර්ගයෙන් තමයි ඇය මට මේ වෙනුවෙන් ආරාධනා කරන්නෙ. ඇය මට කතා කරලා කිව්වා මේ නිර්මාණය ගැන. ඇත්තටම මම මීට පෙර රංගනය පිළිබඳ ලොකු හැදෑරීමක් කරලත් නැහැ. මොකද මම ක්‍රීඩාවත් එක්කනෙ ජීවත් වුණේ.

නමුත් මට මේ චරිත රංගනය කරන්න පොඩි කැමැත්තක් තිබුණා. මොකද ලංකාවෙ පාපන්දු ක්‍රීඩාව විශේෂයෙන්ම කාන්තාවන් අතර ප්‍රචලිත වෙලා තියෙන්නෙ බොහොම අඩුවෙන්, පාසල් මට්ටමින් සහ ක්‍රීඩා සමාජ එහෙම තියෙන්නෙත් ගොඩක් අඩුවෙන්. ඒ නිසා මේ ටෙලි නිර්මාණය හරහා පාපන්දු ක්‍රීඩාව ගැන කතාබහක් ඇතිවෙයි කියන විශ්වාසයත් මගේ හිතේ තිබුණා. ඒ නිසාම තමයි මේ නිර්මාණයට මම ගොඩක්ම කැමැති වුණෙත්.

ඒ ආදරය ආසාව නිසාම තමයි චරිතය මම භාරගත්තෙ. ඉතින් අද වෙද්දී මට අහම්බෙන් ලැබුණු මේ අවස්ථාවට හිතුවටත් වඩා ප්‍රතිචාර ලැබෙමින් තියෙනවා.

පාසල් වේදිකාවෙ රංගන අත්දැකීමක් තිබිල නැද්ද?
මම 6 වසරෙ ඉඳල 9 වසර දක්වා පාසල් ගියේ වැලිවේරිය මද්දුම බණ්ඩාර විද්‍යාලයට, ඉන්පසුව මම ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයට තමයි ගියේ.

ඒ පාසල් කාලෙදි මම නර්ථනය හදාරලා තියෙනවා. ඒ තුළින් ජයග්‍රහණ පවා දිනාගෙන තියෙනවා.

ඒ වගේම නිවේදන කටයුතුත් පොඩි පොඩි දේවල් කරලා තියෙනවා. රංගන අත්දැකීමක්නම් නැහැ. නමුත් මම උසස්පෙළට හදාරන්නෙ නාට්‍ය හා රංගකලාව. මම ක්‍රීඩාවත් එක්ක ජීවත්වුණු නිසා රංගනයට නම් අවස්ථාවක් ලැබිලා නැහැ.

පාසලේ ජනප්‍රිය චරිතයක්ද ප්‍රවීනා?
මම පාසලේ ශාන්ත පාවුළු බාලිකා විදුහලේ තිබුණු මලල ක්‍රීඩා, එල්ලෙ, වොලිබෝල්, නෙට්බෝල් හැම ක්‍රීඩාවක්ම කරනවා.

ඒ වගේම ඒ තරඟවලින් පාසල් මට්ටමින් විතරක් නෙමෙයි පළාත්, සමස්ථ ලංකා හැම මට්ටමින්ම ජයග්‍රහණ ලබාගන්නවා. ඒ නිසාම පාසලේ කැපී පෙනෙන ක්‍රීඩිකාවක් වුණා. ඒ කාලෙදිම තමයි 2012 වසරේදි මම ජාතික පාපන්දු ක්‍රීඩා කණ්ඩායමටත් තේරීපත්වෙන්නෙ.

ඒ නිසා හොඳ ප්‍රතිචාරයක් පාසලේ විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලයෙන් ලැබුණා. මම ක්‍රීඩාව වගේම අධ්‍යාපනයත් සමබරව කරගෙන ගියා. ඒ නිසා ගොඩක් දෙනෙක් මට ආදරෙයි. මම O/L කරන කාලෙදිම තමයි ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කරන්නෙ. ඉතින් මට සමහර තරඟාවලිවලට මාස ගණන් පුහුණුවීම්වල යෙදෙන්න සිද්ධවෙනවා.

ඉතින් මට මඟ ඇරෙන පාඩම් වැඩකටයුතු පවා කරගන්න මගේ ගුරුවරු මගේ යාළුවො ලොකු ශක්තියක් වෙලා හිටියා. පාසලෙන් ඒ ලැබුණු සහයෝගය නිසා තමයි හැමදේම සමබරව හොඳින් කරගෙන යන්න ලැබුණෙ.

ඉතින් මගේ පාසලේ ඒ ආදරය ගැන විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනෑ.

පාසලේ ඒ ආදරය ප්‍රතිචාර ලබාගෙන ප්‍රවීනා ජාතික පාපන්දු කණ්ඩායටම එකතුවෙනවා. එතැනදීත් රටේම ආදරය දිනාගන්න ලැබෙනවනෙ? ඉතින් ඒ අවස්ථාව ගැනත් කියමු?

2012 දී තමයි මට ඒ අවස්ථාව ලැබෙන්නෙ. ලොකු කැපකිරීමක් ඇත්තටම මේ ක්‍රීඩාව වෙනුවෙන් මම කළා. මම පාසල් කාලෙදීම ඒ වෙනුවෙන් සම්බන්ධ වීම සමහර අවස්ථාවලදී අපහසුයි. අධ්‍යාපනයත් එක්ක යන ගමනක්නෙ.

මේ කණ්ඩායමේ අනිත් ක්‍රීඩිකාවන් ගොඩක් දෙනෙක් පාසල් ජීවිතේ අවසන්ව ආරක්‍ෂක අංශවල සේවය කරන පිරිසක්. ඒ අතර හිටපු ළාබාලතම ක්‍රීඩිකාව මම, නමුත් ඒ කණ්ඩායමේ හැමෝම මට ගොඩක් උදව් කළා. මාව ආදරෙන් බලාගත්තා. ඒ හැමදේමත් එක්ක තමයි මට මේ වනතුරු හොඳ සාර්ථක ගමනක් එන්න හැකිවුණේ. මේ ක්‍රීඩාව නිසා මගේ ජීවිතේට ලැබුණු දේවල් ගොඩයි. ඒ නිසාම මේ ක්‍රීඩාවට මම ගොඩක් ආදරෙයි.

අද වෙද්දි රංගන ශිල්පිනියක් විදියට ආදරයක් ලබන්නෙත් ක්‍රීඩාව නිසානෙ නේද?
ලංකාවෙ ජාතික මට්ටමේ පාපන්දු ක්‍රීඩිකාවක් විදියට මට මේ ලැබුණු අවස්ථාව මාරම වටිනවා.

මොකද මම ගැන නොදන්නා බොහෝ පිරිසක් මාව දැන හඳුනගත්තා. මේ ක්‍රීඩාව ගැන දැන ගත්තා. ලංකාවෙ කාන්තාවන්ට මෙහෙම ක්‍රීඩාවක් තියෙනවද කියලවත් නොදන්නා පිරිසක් වුණත් ඉන්න පුළුවන්. ඉතින් මේ ක්‍රීඩාව ගැන නිර්මාණයකින් ප්‍රේක්‍ෂකයා අතරට යාම ගැන මට ගොඩක් සතුටුයි.

ජාතික මට්ටමේ ක්‍රීඩිකාවක් විදියට මේ වැඩ කටයුතුවලට සම්බන්ධ වීමට තහංචි නැද්ද ඊට අදාල පර්ශ්වයන්ගෙන්?
මට මේ ආරාධනාව ලැබුණට පසුව මම මුලින්ම පාපන්දු සම්මේලනයේ ඊට සම්බන්ධ නිලධාරින්ට කතා කළා.

ඒ කතා කළාම එකළ හිටපු සභාපතිතුමා අනුර සිල්වා මහත්මයා කිව්වෙ ‘‘පුතා මේ ඔයාට ලැබිලා තියෙන්නෙ වටිනා අවස්ථාවක්. ඒ දේ නැති කරගන්න එපා’’ කියලා. ඇත්තටම ඒ වචන ටික මට මාරම ශක්තියක් වුණා. ක්‍රීඩා කුසලතාවය එක්ක රංගන හැකියාවත් තියෙනවනම් ඒ අවස්ථාව ලබාගන්න කියලා තමයි මට කිව්වෙ.

මේ අවස්ථාවට කිසිදු පාර්ශ්වයකින් බලපෑමක් බාධකයක් තිබුණෙ නැහැ. හැමදේම හොඳින් සිද්ධ වුණා.

ගෙදරින් විරුද්ධතාවයක් තිබුණෙ නැද්ද?
මගෙ පවුලෙ ඉන්නෙ අම්මයි, මල්ලියි විතරයි. තාත්තා මීට වසර දෙකකට පමණ පෙර මිය ගියා. ඇත්තම කියනවනම් අම්මා මුලින් කැමති වුණේ නැහැ මගේ මේ රංගන වැඩ කටයුත්තට, මොකද අම්මා මේ ක්ෂේත්‍රයට බයයි. නමුත් දැන් ඒ හැමදේම තේරුම් අරගෙන මගෙ දක්‍ෂතාවයන්ට ඉඩක් දීලා තියෙනවා.

ඉදිරියට යන්න ලොකු සහයෝගයක් ලබාදෙනවා.

මේ ලැබුණු අවස්ථාව ගැන තෘප්තිමත්ද?
මට ‘චලෝ’ නාට්‍ය කණ්ඩායමේ හැම දෙනාගෙන්ම ලොකු සහයෝගයක් තියෙනවා මේ දේ කරගෙන යන්න.

ඒ හැමෝගෙම ගුරුහරුකම් මැද කරගෙන යන මේ රංගනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර මත මම හිතනවා මේ චරිතයට සාධාරණයක් කරනවා කියලා.

මමවත් දැනගෙන හිටියෙ නැහැ මට රඟපාන්න පුළුවන්ද කියන දේවත්. ජීවිතේම පාපන්දු ක්‍රීඩාව කරගෙන මේ ගෙවුණු ජීවිතේම වැඩිපුරම හිටියෙ ක්‍රීඩා පිටියෙ. මේ විදියට නාළිකාවකින් මාව දකින්න ලැබෙයි කියල හිතුවෙවත් නැහැ. ඉතින් අද වෙද්දි මේ ලැබෙන ආදරය හැමදේම එක්ක ලොකු තෘප්තිමත් බවක් තියෙනවා.

ප්‍රවීණා වැඩිපුරම ක්‍රීඩා පිටියෙනෙ ඉන්නව කිව්වෙ? ඉතින් අව්වෙ ඉද්දි කලු වෙනවා කිව්වට ප්‍රවීනාගෙ පාට වෙනස් වෙන්නෙ නැහැනෙ. ගැහැනු ළමයෙක් විදියට රුව ලස්සන ගැනත් හිතනවද?
මම දවස් 365ම ඉන්නෙ ක්‍රීඩා පිටියෙ. ඉතින් අව්වෙ ඉන්නවා කලු වෙනවා කියලා හිතන්න බැහැනෙ.

ඒවා හිතන්න ගියොත් මට 100% ක්‍රීඩාවට තැන දෙන්න බැහැ. ඒ නිසා රුව ගැන ගොඩක්ම හිතන්නෙ නම් නැහැ.

නමුත් මට උපතින් ලැබිලා තියෙන වර්ණයත් එක්ක අව්වෙ හිටියා කියලා ලොකු වෙනසක් සිද්ධ වෙන්නෙ නැහැ.

කොයි තරම් අව්වෙ හිටියත් කලුවෙනවා කියලා නැහැ. ඒක ඇත්තටම පෙර පිනකට අම්මා, තාත්තාගෙන ලැබුණු දෙයක්. ඒ ගැන ගොඩක්ම හිතුවෙ නැති වුණත් මම විලාසිතා කරන්න නම් ගොඩක් කැමැතියි. තැනට ගැළපෙන විදියට අඳින්න පළඳින්න කැමති සරළ විදියට. නමුත් විලාසිතා කරනවා කියලා මගේ ක්‍රීඩාවට හානිවෙන කිසිම දෙයක් මම කරන්නෙ නැහැ. මුළු ජීවිතේම කැප කරන්නෙ ක්‍රීඩාව වෙනුවෙන්.

ධනු විජේරත්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
37
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33
Video thumbnail
තමන්ගේ නම ගහපු Number Plate ඉස්සරහට ගන්න පුළුවන් ?
04:06
Video thumbnail
අංක තහඩු ලැමිනේට් කරලා ගියොත් පොලිසියෙන් දඩ..ඔයාලා ඒ දඩේ ගෙවනවද ?..හර්ෂද එකක් නෑර ප්‍රශ්න කරයි
13:46
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32