කොදෙව් ක්‍රිකට් යළි පිබිදෙයි – කිවියන් ලෝක කුසලානයෙන් දොට්ට?

පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානයේ තමන් මුහුණ දුන් තෙවැනි තරගය ද ජය ගන්නට බටහිර ඉන්දීය කොදෙව්වන් මීට ටික වේලාවකට පෙර සමත් වුණා.

ඒ ප්‍රතිවාදී නවසීලන්තයට එරෙහිවයි.

තරගය අද Tarouba ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අතර කාසියේ වාසියේ ජය නවසීලන්තයට හිමිවුණා.

Kane Williamson ගේ තීරණය අනුව පළමු ව පන්දුවට පහර දීමට පිටියට පැමිණියේ ප්‍රතිවාදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි.

ලකුණු 75ක් වනවිටත් මුල් කඩුලු 06ක් ම බිඳ වැටී තිබූ කොදෙව්වන්ගේ ඉනිම යම් තාක් දුරකට හෝ ලකුණු 150කට ආසන්න ඉසව්වකට රැගෙන යන්නට Sherfane Rutherford ගේ පිත්තට හැකි වුණා.

Rutherford ජාත්‍යන්තර පන්දුවාර 20 පිටියේ මංගල අර්ධ ශතකය අද වාර්තා කරමින් පන්දු 39ක දී හයේ පහර 06ක් සහ හතරේ පහර දෙකක් ද සමගින් නොදැවී ලකුණු 68ක් ලබා ගත්තා.

Trent Boult කඩුලු 03ක් ද, කඩුලු 02ක බැගින් ටිම් සවුති සහ ලොකී ෆර්ගස්න් විසින් දවා ගනු ලැබුවා.

එක් කඩුල්ල බැගින් හිමිවූයේ James Neesham ට සහ Mitchell Santner හටයි.

සිය පළමු තරගයෙන් ද ලකුණු 84කින් ඇෆ්ගනිස්තානය හමුවේ අමිහිරි පරාජයෙන් හෙම්බත් වී සිටි කිවියන්ට අද තරගයේ ජයග්‍රහණය තීරණාත්මක වූ අතර, ජය ගැනීම ද ලෝක කුසලාන ගමන් මාර්ගයේ ඉදිරිය ගැන සුබවාදීත්වයකට වැදගත් වුණා.

නමුත් ඊට පිතිකරණයෙන් පිළිතුරු ලබා දීමට අද දිනයේදීත් නොහැකි වූයේ කොදෙව්වන්ගේ පන්දු බලඇණිය හමුවේයි.

Glenn Phillips පමණක් ලකුණු 40ක් ලබාගත් අතර, Finn Allen (26) හැරුණුකොට සෙසු කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 15 සීමාව පසුකර දැමීමට කොදෙව්වන් ඉඩ ලබාදුන්නේ නැහැ.

ඒ අනුව කොදෙව්වන් සිය තෙවැනි තරග ජය ලබාගත්තේ ලකුණු 14 ක පරතරයකින්.

පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 09ක් දැවී කිවියන් ලබාගත්තේ ලකුණු 136ක් පමණි.

නවසීලන්ත පිතිකරුවන් සුනුවිසුණු කළ පන්දුවේ වීරයා බවට අද දිනයේ දී කොදෙව් දේශයේ Alzarri Joseph සමත් වුණේ ලකුණු 19කට කඩුලු 04ක් දවා ගනිමින්.

Gudakesh Motie කඩුලු 03ක්, Akeal Hosein සහ Andre Russell අතර එක් කඩුල්ල බැගින් බිඳී ගියා.

තරගයේ වීරයා සම්මානය නොදැවී ලකුණු 68ක් ලැබූ Sherfane Rutherford හිමිකරගත්තා.

මෙම තරග ජයත් සමග කොදෙව්වන් C කාණ්ඩයෙන් පෙරමුණට පැමිණි අතර කිවි දේශයට මෙවර ලෝක කුසලාන සිහිනය බොඳ වී යාමේ දැඩි අවධානමක් පවතිනවා.

සුපිරි 08 දෙනා අතරට නවසීලන්තයට පැමිණීමට නම් ඉදිරියේ දී පැවැත්වෙන තරග දෙකම ඔවුන් ජයගත යුත්තේ දැවැන්ත ලකුණුවල සාමාන්‍ය අගයක් රඳවා තබා ගනිමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30