කොටහේන දැරියගේ සිද්ධිය ගැන මව අධිකරණය හමුවේ සාක්ෂි දෙයි – පියාගේ සාක්ෂි කැඳවීම මැයි 29

බම්බලපිටිය විද්‍යාලයේ ගණිත ගුරුවරයා විසින් කරන ලද හිරිහැරය හා උපකාරක පන්ති අයිතිකරුවා කරන ලද ප්‍රකාශ හා බලපෑම් ඉවසා දරා ගැනීමට නොහැකිව ලජ්ජාවට පත්ව තම දියණිය සියදිවි නසා ගන්නට ඇතැයි තමන් සිතන බව කොටහේන ප්‍රදේශයේ මහල් නිවාසයකින් පැන පසුගියදා සියදිවි නසාගත් පාසල් සිසුවියේ මව අද (22) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සම්පත් ජයවර්ධන මහතා හමුවේ ප්‍රකාශ කළා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ, ඇය ඒ බව කියා සිටියේ එම දැරියගේ මියයාම සම්බන්ධයෙන් අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවේ පැවැති මරණ පරීක්ෂණයේ සාක්ෂි ලබා දෙමින් බවයි.

කොටහේන පොලිසියේ පොලිස් සැරයන් (12104) ආර්.එස්.කේ.ඒ කැලුම් ප්‍රියන්ත මහතාගේ මෙහෙයවීම යටතේ පැවති සාක්ෂි විභාගයේ දී සැරයන්වරයා විමසූ පැනයන්ට පිළිතුරු ලබා දෙමින් ඇය මෙසේ ද පැවසුවා.

පොලිස් සැරයන් :

”උපකාරක පන්ති ගුරුවරයා ඔබේ දියණියට බැණ වැදීම හා විවිධ බලපෑම් කිරීම සම්බන්ධයෙන් ඔබ පොලිසියට පැමිණිල්ලක් කළාද?”

සාක්ෂිකාර මව:

”මම පැමිණිලි කළේ නැහැ.”

සැරයන්වරයා:

”ඔබේ දියණිය මීට පෙරත් සියදිවි නසා ගැනීමට උත්සාහ කළාද?”

සාක්ෂිකාර මව:

”ඔව්, ඇය අවස්ථා දෙකකදී සියදිවි නසාගන්න හැදුවා. එක් අවස්ථාවක දී ඇය බෙහෙත් අධි මාත්‍රා ගත්තා. තවත් අවස්ථාවක දී නිවසේ විදුලි පංකාවේ එල්ලෙන්න උත්සාහ කළා.”

සැරයන්වරයා:

”ඔබේ දියණිය මානසික ව්‍යාකූලතාවකින් පෙලෙන නිසා ඇය තනිවම නොයවන ලෙස වෛද්‍ය මණ්ඩලයක් විසින් ඔබට දැනුම් දී තිබුණාද?”

සාක්ෂිකාර මව:

”ඔව්, මටත් මගේ සැමියාටත් දැනුම් දී තිබුණා”

සැරයන්වරයා:

”එවැනි දැනුම්දීමක් කර තිබියදීත් එම දියණියව තනිවම උපකාර පන්තියකට යැවීමට කටයුතු කළේ ඇයි ?”

සාක්ෂිකාර මාව:

”තමාව හිරකරගෙන ඉන්නවා කියලා ඇය නිතරම කියනවා. ඇයගේ උපකාරක පන්තිය තියෙන්නෙත් නිවස අසලමයි ඒ නිසා තමයි ඇයව යැව්වේ.”

සැරයන්වරයා:

”ඔබගේ දියණිය සියදිවි නසාගැනීමට පෙර ආසන්න දිනයක යම් සිදුවීමක් සිදු වුණා ද?”

සාක්ෂිකාර මව:

”ඔව්, සිද්ධියක් සිදු වුණා. ”

සැරයන්වරයා:

”කුමක්ද ඒ සිද්ධිය. ?”

සාක්ෂිකාර මව:

”අප්‍රේල් මස 26 දින හවස හයට පමණ දුව ඉහළ මාලයේ හත්වෙනි තට්ටුවට ගියා. මමත් ඒ ස්ථානයට ගියා. මම යන විට දුව බැල්කනියේ බිම වාඩිවෙලා පොතක් තියාගෙන හිටියා. පොත ඇතුලේ මලක්ද තිබුණා. එම ස්ථානයේදී තමයි දුව පහළට පැනලා තියෙන්නේ.”

සැරයන්වරයා:

”දුව ඒ ස්ථානයේ සිටිනවා දැක්කාට පසුව ඔබ කළේ කුමක්ද. ?”

සාක්ෂිකාර මව:

”මම දියණියට කිව්වා කල්පනා කරන්න එපා, අපි බෙහෙත් ගේන්න යමු කියලා එක්ක ගෙන ගියා.”

සැරයන්වරයා:

”අප්‍රේල් මස 28 දින රාත්‍රියේ “මාව බේරගන්න” කියා දුව කාට හරි කියනවා ඇහුනාද”

සාක්ෂිකාර මව:

”ඔව්, නිවසෙන් එළියට යන්න ඕනෑ කියා ඇය බල කරන නිසා අපි දොර වහගෙන හිටියා. ඒ අවස්ථාවේ “අනේ සිකියුරිටි අංකල් මාව බේරගන්න” කියා ඇය කෑ ගහලා කියනවා මට ඇහුණා”

සැරයන්වරයා:

”අප්‍රේල් මස 29 දින සිදු වූයේ කුමක්ද”

සාක්ෂිකාර මව:

“උපකාර පන්තියකට යන්න ඕනෑ කියලා දුව කිව්වා”

සැරයන්වරයා:

”ඔබ කළේ කුමක්ද?”

සාක්ෂිකාර මව:

”පන්තියට යනවයි කියලා දුව එදින හවස තුනයි කාලට විතර ලිෆ්ට් එකෙන් පහළට යන්න සූදානම් වුණා. ඇය පහළට යනවාද කියලා මම බැල්කනියේ සිට බලාගෙන සිටියා.
නමුත් ඇය පහළට ගොස් පාරට පිවිසෙනවා දැක්කේ නැති නිසා දුව පහළට බහින්න සූදානම් වූ ලිෆ්ට් එක අසලට මම ගියා. ඒ අවස්ථාවේ “දඩාස්” යනුවෙන් සද්දයක් ඇහුනා. මම බැල්කනියට ගිහිල්ලා පහළ බලන විට මගේ දියණිය පාරේ බිම වැටී සිටිනවා මම දැක්කා. මම හිතුවේ දුව වාහනයකට හැප්පෙන්න ඇති කියලා.”

සැරයන්වරයා:

”ඊට පස්සේ සිදුවූයේ කුමක්ද”

සාක්ෂිකාර මව:

”ලේ පෙරාගෙන බිම වැටී සිටි දියණියව ස්වාමි පුරුෂයත් සමඟ එක්ව රෝහලට රැගෙන ගියා. දියණිය මිය ගොස් ඇති බව රෝහලේදී දැනගන්නට ලැබුණා.”

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වැඩිදුරටත් යමක් පැවසීමට තිබෙන්නේ ද යන්න පිළිබඳව සැරයන්වරයා කළ විමසුමකට පිළිතුරු ලබාදෙමින් සාක්ෂිකාර මව කියා සිටියේ තම දියණිය අධ්‍යාපනය ලත් බම්බලපිටිය විද්‍යාලයේ ගණිත ගුරුවරයා විසින් කරන ලද කරදරය හා උපකාරක පන්ති අයිතිකරුවා විසින් කරන ලද ප්‍රකාශ හා බලපෑම් හේතුවෙන් ලැජ්ජාවට පත්ව තම දියණිය සියදිවි නසා ගැනීමට ඇතැයි තමන් සිතන බවයි.

මවගෙන් සාක්ෂි විමසීම අද අවසන් කෙරුණු අතර දැරියගේ පියාගෙන් සාක්ෂි විමසීම මෙම මස 29 දිනට කල් තැබුණා.

දැරියගේ පියා දමිළ භාෂාව කතා කරන්නෙකු බැවින් එදිනට අධිකරණය හමුවට භාෂා පරිවර්තකයකු කැඳවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද අධිකරණ රෙජිස්ටාර්වරයාට අධිකරණයෙන් නියම කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18