කොච්චර හිරේ දැම්මත් මගේ කට වහන්න බෑ – චාමර ඇමති සමන්තටත් දෙහි කපයි (වීඩියෝ)

බදුල්ල ජනතාව වෙනුවෙන් ඉදිරියේදීත් කුමන ප්‍රශ්න, අභියෝග පැමිණිය ද තමන් නොබියව ඊට මුහුණදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසනවා.

බදුල්ල අධිකරණයෙන් පෙරපාසල් නඩුවට අදාළ ව රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසුව මාස දෙකකට ආසන්න කාලයකින් අනතුරුව ඇප නියම කිරීමෙන් අනතුරුව පිටතට පැමිණෙමින් මන්ත්‍රී චාමර සම්පත් මහතා මේ බව ප්‍රකාශ කළා.

වත්මන් ආණ්ඩුවෙන් තමන්ට කෙතරම් නඩු දැමුව ද, තමාව නිහඬ කිරීමට අසීරු බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ.

වසර 16ක යුද විජයග්‍රහණයක් සමරන මේ මොහොතේ පළමු කොට ම එම ජයග්‍රහණය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් ම ශ්‍රමය කැප කළ රණවිරුන්ටත්, එවක පස්වැනි විධායක ජනාධිපති වූ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලන නායකයින්ට මෙන් ම යුද නායකයින් වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්ට යුද ජයග්‍රහණයේ ගෞරවය කවදත් හිමි විය යුතු බව ද මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කළා.

වසර 16ක් පිරෙන තිස් අවුරුදු යුද්ධය නිමාවට පත් කළ මොහොතේ දී පළමු වරට ඌව පළාත තුළ රණවිරු සැමරුමක් නොමැති බවත්, ඒ පිළිබඳ ව තමන් දැඩි ලෙස කනගාටු වන බවත් මන්ත්‍රීවරයා කියා සිටියා.

පසුගිය ජනාධිපතිවරණ ජයග්‍රහණය මාලිමා රජය ලැබූ දිනට පසු දිනයේ, ඌව පළාතේ කැබිනට් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පැවසුවේ; ” යුද්දෙ දිනුවට වඩා සතුටුයි අද අනුර කුමාර ජනාධිපති වුණාට” යනුවෙන් බවත්, එවැනි ප්‍රකාශයක් සිදු කිරීම ගැන එදත් අදත් හෙටත් තමන් ඔහු ගැන ලැජ්ජා වන බවත්, සමන්ත අමාත්‍යවරයා ඌව පළාතේ උපත ලද මිනිහෙක් යැයි පිළිගැනීමට ද තමන් අකමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

මන්ත්‍රීවරයා මෙම අදහස් සියල්ල ප්‍රකාශ කළේ ඌව පළාතේ බදුල්ල නගරයේ ඉදිකර ඇති රණවිරු සැමරුම් ස්මාරකය අසලට පැමිණෙමින් වීම ද විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32