මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනී වළෙන් සිරුරු 37 ක අස්ථි සොයාගෙන තිබෙනවා.
අප වාර්තාකරු පැවසුවේ අද පෙරවරුවේ දී සිදු කරන කැණීම්වලදී මෙය සොයාගත් බවයි.
කොක්කුතුඩුවායි සමූහ මිනී වළෙහි මේ දක්වා සිදු කර ඇති කැණීම්වලින් මිනිස් අස්ථි කොටස් සොයාගත් පළමු අවස්ථාව ද මෙය බවටයි මුලතිව් පොලිසිය පවසා ඇත්තේ.
මෙම සමූහ මිනී වළේ මිනිස් අස්ථි කොටස්වලට අමතර ව පතරොම්, උණ්ඩ කොටස්, එල්. ටී. ටී.ඊ සාමාජිකයින් හඳුනාගැනීමට පැළැඳි අංක තහඩු, සයනයිඩ් කරල්, ආරක්ෂක අංශ භාවිතා කරන
කැළෑ ඇඳුමට සමාන ඇඳුම් කොටස් ඇතුළු උපකරණ සොයාගෙන ඇති බව ද වාර්තා වනවා.
මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කැණීම් කටයුතු ආරම්භ කෙරුණා.
ඊට මුලතිව් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය කේ. වාසුදේව, පුරාවිද්‍යා නිලධාරීන් හා ප්‍රදේශ භාර ග්‍රාමසේවක, අවසරලත් සිවිල් සංවිධාන නියෝජිතයින් හමුවේ පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු පුරාවිද්‍යා නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙහි කැණීම් සිදු කරනු ලැබුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.


















OHOMAMA YATATAMA YATATAMA HARAGENA HARAGENA PALAYALLA. DAN HAMU WENNE 87-89 JVP FIGHT EKE ETA. THAWA HARANAKOTA API MARAPU KOTI SAHA KOTI MARAPU APE UNGE ETA HAMUWEYI, THAWA HARAPALLA ETHAKOTA 1971 JVP SIRIMA MARAPU UNGE ETA HAMU WEYI. OHOMA GIYAMA DEMALU INDIA SITA PAMINA AKRAMANAYA KARALA MARALA DAPU UNGE EWA HAMU WEYI.. THAWA YATA YANAKOTA KALINGA MAGHA MARAPUA, ITA PASSE ELARA DUTUGEMUNU SATANEDHI MAARUWA UNGE ETA HAMU WEYI. YAKO MARUNA UN MARUNA. WAR EKA PATAN GANNE SADARANA HETHU MATHA, ASADHARANAYAK UNA KIAGENA. NAMUTH WAR WALADHI NEETHIYAKUTH NAHE, ANUKAMPAWAKUTH NAHE. IRRARA WENA EKA DINUM. ETHAKOTA PARADINA EKA NAWATINNE MENNA ME WAGEYI POLOWA YATA PUS KAGENA. GON HATHTHA