කොක්කුතුඩුවායි සමූහ මිනී වළෙන් මතුවූ අස්ථි කූඩු ගණන 35 දක්වා ඉහළට (ඡායාරූප)

මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනී වළ සම්බන්ධයෙන් වන තුන්වන අදියරේ 6න දින කැනීම් ඊයේ (25) සිදු කෙරුණා.

සමූහ මිනී වළ සම්බන්ධයෙන් ඊයේ සිදු කළ කැණීම් තුළින් පූර්ණ මිනිස් සිරුරු හතරක අස්ථි කොටස් මතුකරගත් බවයි මුලතිව් රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි කනකසභාපති වාසුදේව මහතා පැවසුවේ.

ඔහු කියාසිටියේ ඊයේ දිනයේ කැණීම් තුළින් උණ්ඩවලට සමාන කොටස් කිහිපයක් සහ බෝම්බවල පවතින යකඩ කැබලි බවට සැක කරන කොටස් කිහිපයක් ද මතුකරගත් බවයි.

සමූහ මිනී වළේ දෙවැනි අදියර කැණීම් තුළින් පූර්ණ මිනිස් සිරුරු 17 කට අදාළ අස්ථි කොටස් ගොඩ ගැනීම සිදුකළ අතර තෙවැනි අදියරේ හයවන දිනයේ කැණීම් තුළින් තවත් මිනිස් සිරුරු 4කට අදාළ අස්ථි කූඩු මතුකරගත් බව ද වාසුදේව මහතා ප්‍රකාශ කළා.

තෙවැනි අදියරේ කැණීම් තුළින් මේ දක්වා මිනිස් සිරුරු 18ක අස්ථි කූඩු මතුකර ගැනීමට හැකිවී තිබෙනවා.

සමූහ මිනිවළ තුළින් මේ දක්වා පූර්ණ මිනිස් සිරුරු 35කට අදාළ අස්ථි කූඩු මතුකරගෙන ඇති අතර, පතුරම් උණ්ඩ වැනි කොටස් 8ක්, LTTE සංවිධානයේ සාමාජිකයින් හඳුනා ගැනීමට පළඳින අංක තහඩු 6ක්, ජලය පවිත්‍ර කරන උපකරණයක්, සයිනයිඩ් කරලක්, කාන්තා තනපට, ආරක්ෂක අංශ භාවිතා කරන කැළෑ ඇදුමට සමාන ඇඳුම් වැනි උපකරණ රැසක් ද හමුවූ බවයි බවද කැණීම් නිලධාරීන් සඳහන් කළේ.

කොක්කුතුඩුවායි සමූහ මිනිවළ සම්බන්ධයෙන් පෙරේදා (24) දිනයේ ස්කෑන් පරීක්ෂාවක් සිදු කර තිබුණා.

එම පරීක්ෂාව අනුව සමූහ මිනී වළ පවතින සීමාව තවත් විශාල විය හැකි බවට අනුමාන කරන බවයි මුලතිව් රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි කනකසභාපති වාසුදේව මහතා සඳහන් කළේ.

මුලතිව් මහේස්‍ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් මහතාගේ අධීක්ෂණය යටතේ භූ ගතව පවතින ලෝහ, අස්ථි හා ආයුධ සොයා පරීක්ෂණ පවත්වන විශේෂ කණ්ඩායමක් විසින් සමූහ මිනිවළ අවට සීමාවේ ස්කෑන් පරීක්ෂණයක් සිදු කරනු ලැබුවා.

මේ දක්වා සමූහ මිනිවළ තුළින් ගොඩගත් අස්ථි කොටස් මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ නියෝග යටතේ පරීක්ෂණ වෙනුවෙන් මුලතිව් රෝහලේ ස්ථාපිත විශේෂිත කුටියක තැන්පත් කර තිබෙනවා.

මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ වර්තමාන මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් මහතාගේ අධීක්ෂණය යටතේ, පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමක් සමූහ මිනිවළ සම්බන්ධයෙන් කැණීම් සිදු කරමින් සිටිනවා.

  1. APE FORCES EKKA FIGHT KARALA MARUNA LTTE CARDERS LA LTTE EK KALABALEMA MEHEMA WALA DALA YANNA ATHI, HAMUDA GAWURAWA, GARU LESA AWASAN KATAYUTHU KARANNA WELAWAK NATHIWA. APE FORCES ME HARIYA WENAKOTA GAHAGENA GIYA EKA DIGATAMA. APE AYATA HAMU UNOTH GODA GAHAL PETROL DALA PULUSSALA DANAWA GHANDHA GAHAN NISA SAHA, BALLO, KAPUTO KANA NISA, EKA LTTE EKATH PE YT KALA. NAMUTH APR AYA MARUNAMA EKKO FLIEGHT EKEK MEHE GENAWA, BERINAM GAWURAWANEEYA LESA ADAHANAYA KARALA ALU GATHTHA BAWUDHDHA HINDU AYAGE, MUSLIM KATHIOLIKA AYAGE WALA DAMMAMA. APE AYATA HAMUUNA MARUNA LTTE AYAGE AGAMA BALANNE NATHUWA GINITHIYALA DAMMA, EKA YUDHA BIMA PIRISIDHUWA THIYA GANEEME NEETHIYA NISA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50