spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් STF අත්අඩංගුවේ (ඡායාරූප)

කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 350ක ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහිදී එක් සක්කරුවෙක් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 208ක් සමඟ කිලිනොච්චිය, විවේකානන්දනගර් ප්‍රදේශයේ දී සහ අනෙක් සැකකරු කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 141ක් සමඟ යාපනය,අල්ලපිඩිඩි ප්‍රදේශයේ දී මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි එම බලකාය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 43 සහ අවුරුදු 46 යන වයස්වල පසුවන්නන්.

මෙම කේරළ ගංජා තොග දකුණු ඉන්දියාවේ සිට බහුදින ධීවර යාත්‍රා මඟින් මෙරටට ගෙන්වා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම කේරළ ගංජා අළෙවි කිරීම සඳහා රැගෙන යාමට යොදාගත් නවීන මෝටර් රථයක් සහ ජංගම දුරකථන 03ක් ද සැකකරුවන් සන්තකයේ තිබී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

සැකරුවන් කයිටිස් සහ කිලිනොච්චිය පොලිස් ස්ථානයන් වෙත වැඩිදුර විමර්ශන කටයුතු සඳහා භාර දී ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගත් කේරළ ගංජාවල දළ වටිනාකම රුපියල් කෝටි පහකට අධික වටිනාකමින් යුක්ත වනවා.

WhatsApp Image 2022 06 04 at 6.26.19 AM
WhatsApp Image 2022 06 04 at 6.26.20 AM 1
WhatsApp Image 2022 06 04 at 6.26.20 AM
WhatsApp Image 2022 06 04 at 6.26.21 AM 1
WhatsApp Image 2022 06 04 at 6.26.21 AM 2
WhatsApp Image 2022 06 04 at 6.26.21 AM
WhatsApp Image 2022 06 04 at 6.26.22 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?