spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කේරළයෙන් ගෙනා ගංජා තොගක් අනුරාධපුරයෙන් හමුවෙයි

හොර රහසේ මෙරටට රැගෙන ආ කේරළ ගංජා තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු පොලිස් වි‍ශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දරගේ නියෝග හා උපදෙස් පරිදි එම බලකායේ සෙට්ටිකුලම් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (12) දින කවරක්කුලම පොලිස් වසමේ පාලාඩිකුලම් හංදිය අසල දී මෙම මෙම වැටලීම සිදුකර ඇති බව සදහන්.

එහි දී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 01 ග්‍රෑම් 300 ක් අදාළ පුද්ගලයා සන්තකයේ තිබී සොයා ගනු ලැබුවා.

අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36 ක පුද්ගලයකු වන ඔහුව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා කවරක්කුලම පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?