කේරල ගංජා කිලෝ ග්රෑම් 02 ක් සමග සැකකරුවන් දෙදෙනෙකුව කල්පිටිය පොලීසිය විසින් ඉකුත් 22 වෙනිදා රාත්රීයේ කල්පිටිය – අල්මනාර් ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර
කේරල ගංජා තොගය සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය – ආනවාසල ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකුයි.
ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන එන ලද මෙම කේරල ගංජා තොගය වෙනත් ප්රදේශයකට ගෙන යාමට සැකකරුවන් සුදානම් වෙමින් සිටි බව වැටලීම කළ නිලධාරීන් සදහන් කරයි.
සැකකරුවන් දෙදෙනා සහ කේරල ගංජා තොගය පුත්තලම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
