කේන් විලියම්සන් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියෙන් සමුගනී

නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩක කේන් විලියම්සන් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියෙන් සමුගැනීම නිවේදනය කර තිබෙනවා.

ඔහුගේ ක්‍රීඩා අනාගතය පිළිබඳව සිතා විලියම්සන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිය 35 හැවිරිදි වියේ පසුවන විලියම්සන් 2011 ඔක්තෝබර් මාසයේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව සිය මංගල විස්සයි විස්ස තරගය වෙනුවෙන් ක්‍රීඩා කළා.

නවසීලන්තය වෙනුවෙන් විස්සයි විස්ස තරග 93 කට සහභාගී වී ඇති ඔහු එහිදී ලකුණු 2575ක් රැස්කරගෙන සිටින්නේ, ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ නවසීලන්තය වෙනුවෙන් දෙවන වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයා බවට පත්වෙමින්.

මේ අතර ඔහු නවසීලන්ත කණ්ඩායම විස්සයි විස්ස තරග 75 කදී මෙහෙයවා තිබෙනවා.

විලියම්සන්ගෙන් පසු සුදු පන්දු නායකත්වය මිචෙල් සැන්ට්නර්ට භාර දී තිබූ අතර, විස්සයි විස්ස කණ්ඩායමේ විලියම්සන්ගේ අංක තුන ස්ථානයට රාචින් රවීන්ද්‍ර, ටිම් සයිෆර්ට්, ටිම් රොබින්සන් සහ මාර්ක් චැප්මන් වැනි ක්‍රීඩකයින් අභියෝග කරමින් සිටියා.

මේ අතර ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයට මාස කිහිපයකට පෙර සිය සමුගැනීම නිවේදනය කළ විලිම්සන් ජාත්‍යන්තර ටෙස්ට් පිටිය කෙරෙහි වැඩි අවදානයක් යොමුකරනු ඇති බවයි ක්‍රිකට් විචාරකයින්ගේ අදහස වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?