කේන් විලියම්සන්ට IPL තරගාවලිය අවාසනාවන්ත ලෙස අහිමිව යයි

මෙවර ඉන්දිය ප්‍රිමියර් තරගාවලිය අරඹමින් පැවති චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් අතර තරගයේ දී අබාධයකට ලක් වූ නවසීලන්ත ක්‍රීඩක කේන් විලියම්සන්ට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අහිමිව ගොස් තිබෙනවා.

චෙන්නායි සුපර් කිංග්ස් ඉනිමේ 13 වන පන්දු වාරයේ ඩීප් ස්ක්වෙයාර් ලෙග් සීමාවේදී උඩපන්දුවක් ලබාගැනීමට උත්සාහ කිරීමට යාමේ දී දණහිසේ ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්වීමට සිදු වුණා.

“තරගාවලියේදී කේන් ආබාධයකට ලක්වීම ඉතා කණගාටුදායකයි. ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඔහු ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වනු දැකීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.” යනුවෙන් ගුජරාට් ටයිටන්ස් පිළේ ක්‍රිකට් අධ්‍යක්ෂ වික්‍රම් සෝලන්කි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා.

ඒ, අනුව ආබාධයකට ලක්වූ විලියම්සන් ලබන සතියේ දී වැඩිදුර ප්‍රතිකාර සඳහා යළිත් නවසීලන්තය බලා පිටත්ව යාමට සැලසුම්කර ඇති බවයි ඉන්දියාවෙන් වාර්තා වන්නේ.

මේ අතර නවසීලන්ත කණ්ඩායමේ පුහුණුකරු ගැරී ස්ටෙඩ්, විලියම්සන් ආබාධය ලක්වීම ජාතික කණ්ඩායමට “විශාල පහරක්” ලෙස සඳහන් කර තිබුණා.

ශ්‍රී ලංකාව සමඟ මේ වනවිට පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියට සහ එක්දින තරගාවලියට එක් නොවී ටෙස්ට් තරගාවලියෙන් පසු විලියම්සන් ඉන්දියාව බලා පිටත්ව ආවේ අයි.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කිරීමේ අරමුණින්.

මේ අතර විලියම්සන්ගේ ඉවත යෑමෙන් පුරප්පාඩුවන ගුජරාට් ටයිටන්ස් සංචිතයට අලුතින් විදෙස් ක්‍රීඩකයෙක් එක්කර ගැනීමට මේ වනවිට එහි කළමණාකාරීත්වය සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් එලෙස තෝරාගනු ලබන ක්‍රීඩකයා කවුරුන් ද යන්න පිළිබඳව තවමත් නිල වශයෙන් දැනුම්දීමක් සිදුකර නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20