spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කේන් විලියම්සන්ට IPL තරගාවලිය අවාසනාවන්ත ලෙස අහිමිව යයි

මෙවර ඉන්දිය ප්‍රිමියර් තරගාවලිය අරඹමින් පැවති චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් අතර තරගයේ දී අබාධයකට ලක් වූ නවසීලන්ත ක්‍රීඩක කේන් විලියම්සන්ට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අහිමිව ගොස් තිබෙනවා.

චෙන්නායි සුපර් කිංග්ස් ඉනිමේ 13 වන පන්දු වාරයේ ඩීප් ස්ක්වෙයාර් ලෙග් සීමාවේදී උඩපන්දුවක් ලබාගැනීමට උත්සාහ කිරීමට යාමේ දී දණහිසේ ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්වීමට සිදු වුණා.

“තරගාවලියේදී කේන් ආබාධයකට ලක්වීම ඉතා කණගාටුදායකයි. ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඔහු ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වනු දැකීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.” යනුවෙන් ගුජරාට් ටයිටන්ස් පිළේ ක්‍රිකට් අධ්‍යක්ෂ වික්‍රම් සෝලන්කි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා.

ඒ, අනුව ආබාධයකට ලක්වූ විලියම්සන් ලබන සතියේ දී වැඩිදුර ප්‍රතිකාර සඳහා යළිත් නවසීලන්තය බලා පිටත්ව යාමට සැලසුම්කර ඇති බවයි ඉන්දියාවෙන් වාර්තා වන්නේ.

මේ අතර නවසීලන්ත කණ්ඩායමේ පුහුණුකරු ගැරී ස්ටෙඩ්, විලියම්සන් ආබාධය ලක්වීම ජාතික කණ්ඩායමට “විශාල පහරක්” ලෙස සඳහන් කර තිබුණා.

ශ්‍රී ලංකාව සමඟ මේ වනවිට පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියට සහ එක්දින තරගාවලියට එක් නොවී ටෙස්ට් තරගාවලියෙන් පසු විලියම්සන් ඉන්දියාව බලා පිටත්ව ආවේ අයි.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කිරීමේ අරමුණින්.

මේ අතර විලියම්සන්ගේ ඉවත යෑමෙන් පුරප්පාඩුවන ගුජරාට් ටයිටන්ස් සංචිතයට අලුතින් විදෙස් ක්‍රීඩකයෙක් එක්කර ගැනීමට මේ වනවිට එහි කළමණාකාරීත්වය සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් එලෙස තෝරාගනු ලබන ක්‍රීඩකයා කවුරුන් ද යන්න පිළිබඳව තවමත් නිල වශයෙන් දැනුම්දීමක් සිදුකර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?