කෙළ ගැසූ එළකිරි බෙදාහැරී බවට චෝදනා ලැබූ කිරි වෙළෙන්දෙකු අත්අඩංගුවට ගැනුණු පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වනවා.
මෙම වෙළෙන්දා ලක්නව්හි දී ඊයේ (06) අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
පප්පු ලෙසද හඳුන්වන මොහොමඩ් ෂරීෆ් නම් මෙම කිරි වෙළෙන්දා නිවෙස් වෙත කිරි ලබාදීමට පෙර එයට කෙළ ගසනු දුටු බව කියන ගොම්ටි නගර්හි පදිංචිකරුවෙකු පොලිසියට සිදුකළ පැමිණිලකට අනුව මොහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුව මොහු විසින් කිරි ලබාදෙන නිවෙස්වල ඉදිරිපිට සවිකර ඇති සීසීටීවී කැමරා දත්ත පරීක්ෂා කිරීමේ දී මෙම වෙළෙන්දා කිරිවලට කෙළ ගසන අයුරු දැක්වෙන දර්ශන ඒවායේ පටිගත වී තිබිය දී පොලිසිය සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරු රඳවාගෙන ප්‍රශ්න කරන බවයි ලක්නව් පොලිසිය සඳහන් කළේ.
ආහාර ද්‍රව්‍යවලට කෙළ ගැසීම සහ මුත්‍රා මිශ්‍ර කිරීම පිළිබඳ චෝදනා වාර්තා වීමෙන් පසු පසුගිය වසරේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත රජය විශේෂ නියෝග මාලාවක් නිකුත් කරනු ලැබුවා.














Pitarata dewal Lankawe wage dala ape welawa kanna epa.
Pitarata dewal lankawe wage dala ape welawa kanna epa.(Copied) P.L-ain karala danwa site ek