කෙත්තාරමේ සේවකයින්ට ජාත්‍යන්තරයෙන් ආචාරය (ඡායාරූප)

වර්ෂාව හේතුවෙන් අතර තාවකාලිකව නවතා දැමූ ආසියානු කුසලාන එක්දින තරගාවලියේ සුපිරි 04 වටයේ ඉන්දු – පාකිස්ථාන තරගය යළි ආරම්භ කිරීම සඳහා කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය මේ වනවිට සූදානම් කරමින් පවතිනවා.

ඒ, සඳහා ක්‍රීඩාංගණය භාරව සේවය කරන සේවක මණ්ඩලය ඉතා වෙහෙස මහන්සියෙන් කටයුතු කරන ආකාරයි මේ වනවිට දැකගත හැක්කේ.

මෙම තරගය බොහෝ දුරට රාත්‍රී 9.00ට යළි ආරම්භ කිරීමට හැකි බව පවසන විචාරකයින් වැඩිදුරටත් සඳහන් කළේ, ඒ අනුව තරගයේ එක ඉනිමක පන්දුවාර සංඛ්‍යාව 30ත් 32ත් අතර සංඛ්‍යාවකට සීමා විය හැකි බවයි.

මේ අතර ක්‍රීඩා පිටිය වියළීමේ කටයුතු සඳහා ක්‍රීඩාංගණ සේවකයින් විසින් විශාල විදුලි පංකා යොදා ගන්නා ආකාරය දැකගත හැකි වුණා.

මෙම සිදුවීමට මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රචාරයක් හිමිව ඇති අතර, ක්‍රීඩාංගණ සේවකයින්ගේ එම ක්‍රියාව බොහෝ දෙනෙකුගේ පැසසුමට ද මේ වනවිට ලක්ව තිබෙනවා.

අදාළ අවස්ථාව සම්බන්ධයෙන් ඉන්දීය සුපිරි දඟ පන්දු යවන්නෙකු වන රවිචන්ද්‍රන් අශ්වින් ද සිය නිල එක්ස් ගිණුමට සටහනක් තබමින් ක්‍රීඩාංගණ සේවකයින්ට සිය ආචාරය පිරිනමා තිබුණා.

01 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි
01:13
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් අධිකරණයට
01:00
Video thumbnail
මතට ලොල්වූ පුතා තම පියාව එළොව යැව්වද ?
00:50
Video thumbnail
ඉදිවෙන අලි පිළිමය ළඟ අමුතු අයුරින් සැරිසරණ වන අලියා
01:00
Video thumbnail
ඉදිවෙන අලි පිළිමය ළඟ අමුතු අයුරින් සැරිසරණ වන අලියා - අම්මා කියලා හිතලද ?
01:37
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද අධිකරණයට රැගෙන ආ අයුරු
01:38
Video thumbnail
කුණු ගොඩකින් හමුවූ බෝම්බ දැක්ක කෙනෙක් සියල්ල හෙළිකරයි - STF එකත් එතනට කැඳවයි
02:05
Video thumbnail
ඇමති සමන්ත ජනපති ඉදිරියේ කළ සංවේදී කතාව - මේ ජනතාවට මේක ගෙයක් විතරක් නෙවෙයි
09:17
Video thumbnail
22වන ව්‍යවස්ථා සංශෝධනය ගැන හර්ෂ දකින කෝණ තුන - හොරකම් කරලා තියෙන අය හිරේ දාන්න ඕනි
11:47
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි - හඳුන්නෙත්තිගේ සුරතින් ලබාදුන් අයුරු
01:56