spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කෙත්තාරමේ සේවකයින්ට ජාත්‍යන්තරයෙන් ආචාරය (ඡායාරූප)

වර්ෂාව හේතුවෙන් අතර තාවකාලිකව නවතා දැමූ ආසියානු කුසලාන එක්දින තරගාවලියේ සුපිරි 04 වටයේ ඉන්දු – පාකිස්ථාන තරගය යළි ආරම්භ කිරීම සඳහා කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය මේ වනවිට සූදානම් කරමින් පවතිනවා.

ඒ, සඳහා ක්‍රීඩාංගණය භාරව සේවය කරන සේවක මණ්ඩලය ඉතා වෙහෙස මහන්සියෙන් කටයුතු කරන ආකාරයි මේ වනවිට දැකගත හැක්කේ.

මෙම තරගය බොහෝ දුරට රාත්‍රී 9.00ට යළි ආරම්භ කිරීමට හැකි බව පවසන විචාරකයින් වැඩිදුරටත් සඳහන් කළේ, ඒ අනුව තරගයේ එක ඉනිමක පන්දුවාර සංඛ්‍යාව 30ත් 32ත් අතර සංඛ්‍යාවකට සීමා විය හැකි බවයි.

මේ අතර ක්‍රීඩා පිටිය වියළීමේ කටයුතු සඳහා ක්‍රීඩාංගණ සේවකයින් විසින් විශාල විදුලි පංකා යොදා ගන්නා ආකාරය දැකගත හැකි වුණා.

මෙම සිදුවීමට මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රචාරයක් හිමිව ඇති අතර, ක්‍රීඩාංගණ සේවකයින්ගේ එම ක්‍රියාව බොහෝ දෙනෙකුගේ පැසසුමට ද මේ වනවිට ලක්ව තිබෙනවා.

අදාළ අවස්ථාව සම්බන්ධයෙන් ඉන්දීය සුපිරි දඟ පන්දු යවන්නෙකු වන රවිචන්ද්‍රන් අශ්වින් ද සිය නිල එක්ස් ගිණුමට සටහනක් තබමින් ක්‍රීඩාංගණ සේවකයින්ට සිය ආචාරය පිරිනමා තිබුණා.

01 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
25
+1
1
+1
16
+1
9
+1
3
+1
5
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?