spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සාර්ථක කරගන්න ජනපති එක්සත් ජාතීන්ගෙන් සහාය ඉල්ලයි (වීඩියෝ)

කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ දායකත්වය සහ සහාය අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ පැවති සාකච්ඡාවකදී.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කියු ඩොන්ගු අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා.

ආර්ථික අභියෝග හමුවේ ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ මෙහිදී අගය කළ අධ්‍යක්ෂ ජනරාල්වරයා නව ප්‍රතිසංස්කරණ මඟින් රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමට ජනාධිපතිවරයා සිදු කරන කැපවීම වෙනුවෙන් සිය සුබ පැතුම් පිරිනැමූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළා.

ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට තවදුරටත් තම සංවිධානයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට ද අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී සහතික වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟීම වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කරනු ලැබුවා.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි නඟා සිටුවීමේ දී කෘෂිකර්මය ප්‍රධාන ක්ෂේත්‍රයක් බව ජනාධිපතිවරයා එහි දී පෙන්වා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?