කෘතහස්ත සිනමාවේදනී සුමිත්‍රා පීරිස්ගේ අභාවය වෙනුවෙන් මැතිසබයේ දී ශෝකය පළකරයි

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අභාවප්‍රාප්ත වූ කෘතහස්ත සිනමාවේදනී සුමිත්‍රා පීරිස්ගේ අභාවය වෙනුවෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද (19) දිනයේ පාර්ලිමේන්තුවේ දී ශෝකය පළ කර සිටියා.

ඒ, පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින්.

ලෙස්‍ටර් ජේම්ස් පීරිස් නම් වන අපේ විශිෂ්ඨත ම ජාත්‍යන්තර සිනමා අධ්‍යක්ෂකවරයාගේ බිරිඳ මෙන්ම, ස්වාධීනව කළ විශිෂ්ඨ නිර්මාණ රාශියක් සඳහා ජාත්‍යන්තරව ගෞරවය ලැබූ, රටට සම්මානයන් ගෙනා සුමිත්‍රා පිරිස්ගේ අභාවය සම්බන්ධයෙන් මෙසේ රජයේ ශෝකය පළ කරන බව, අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

“නියෝජ්‍ය කතානායකතුමිනි. ඔබතුමාගේත්, පාර්ලිමේන්තුවේත් අවසරය ඇතිව අපේ රටේ විශිෂ්ඨතම ගෞරවනීය චිත්‍රපට අධ්‍යක්ෂකවරියක් වූ සුමිත්‍රා පීරිස් මැතිනිය වියෝ වී තිබෙනවා. ඒ නිසා ඒ ශෝකය අපි මේ අවස්ථාවේ රජය වෙනුවෙන් සටහන් කරන්න කැමතියි.ලෙස්‍ටර් ජේම්ස් පීරිස් අපේ විශිෂ්ඨත ම ජාත්‍යන්තර සිනමා අධ්‍යක්ෂකවරයාගේ බිරිඳ වගේම එතුමියත් ස්වාධීනව මෙවැනි නිර්මාණ රාශියකට ජාත්‍යන්තරව ගෞරවය ලැබුවා. රටට සම්මානයන් ගෙනාවා. ඒ වියෝවීම පිළිබඳ ශෝකයට මේ අවස්ථාවට අපි එක්වෙනවා.”

“සුමිත්‍රා පීරිස් මහත්මිය වියෝව පිළිබඳව රජය වෙනුවෙන් එතුමියට අප ශෝකය පළ කරනවා. ලෙස්ටර් ජේමිස් පීරිස් විශිෂ්ටතම සිනමාවේදියාගේ බිරිඳ වගේම සුමිත්‍රා පීරිස් මහත්මියගේ ස්වාධීන නිර්මාණ රාශියකට ජාත්‍යන්තර ගෞරවය ලබා තිබෙනවා. රටට ගෞරවය ලබා දී තිබෙනවා.” යනුවෙන් ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද,ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන ද සුමිත්‍රා පීරිස්ගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කර සිටියා.

  1. Late Sumthra Peiris nee name is Gunawardana, a close relative to PM. Dinesh Gunawardana. But she did her extended service to the country and people through the way she learnt and not like bully Dinesh. He is a shame and fame for renowned Boralugoda Sinha family



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39
Video thumbnail
ලක් අම්මව අත්අඩංගුවට ගත්තා ලු.. අපි පළිගන්නවා ලු
07:51
Video thumbnail
ඥානසාර හිමිගේ සිද්ධිය ගැන විමල්ගෙන් ප්‍රබල අනාවරණයක් - බන්ධනාගාර නිලධාරින්ට චෝදනාව දාන්නද යන්නේ ?
08:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවපු එකට විරුද්ධව භික්ෂූන් වහන්සේලා පාරට බහී
06:27
Video thumbnail
මට පුදුමයි, මම ජීවත් වෙන්නේ ලංකාවේ ද..?
08:15
Video thumbnail
මම ඥානසාර හිමිගේ සිවුර ගලවන්න ගියේ නෑ - මට අයිතියක් නෑ
07:04
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - සභානායකට බලය දීලා කථානායක චොරවෙලා ඉන්නේ
02:06