කුසල් පෙරේරාගෙනුත් අර්ධ ශතකයක්

නවසීලන්තය සමග දැන් පැවැත්වෙන පළමු 20යි 20 තරගයේදී තම 13 වන අර්ධ ශතකය ලබා ගැනීමට කුසල් ජනිත් පෙරේරා සමත් වුණා.

ඔහු එම ලකුණු 50 ලබාගත්තේ පන්දු 39කට මුහුණ දෙමින්. එක් හයේ පහරක් සහ හතරේ පහර 4ක් ඊට ඇතුලත්.

කුසල් පෙරේරා අද යළිත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසියේ මාස 16කට පසුව වීම විශේෂත්වයක්.

මේ අතර ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් තවත් සුපිරි ඉනිමක් දියත් කළ චරිත් අසලංක පන්දු 41ක් තුළ ලකුණු 67ක් රැස්කරගෙන සිටිය දී හෙන්ඩ්‍රි සිලිප්ලිගේ පළමු ජාත්‍යන්තර විස්සයි විස්ස කඩුල්ල ලෙස දැවීගියා.

ඔහුගේ ලකුණු 67ට හයේ පහර 6ක් සහ හතරේ පහර 2ක් ඇතුලත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම මේවන විට පන්දුවාර 17යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 171ක් ලබා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32