කුෂ් සහ කොකේන් තොගයක් නීතියේ රැහැනට

රුපියල් මිලියන 19කට ආසන්න කුෂ් සහ කොකේන් මත්ද්‍රව්‍ය සහිත පාර්සල් 5ක් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

කොළඹ ප්‍රදේශයේ සැක සහිත ලිපිනයන් භාවිත කරමින් එම පාර්සල් මධ්‍යම තැපැල් හුවමාරු වෙත එවා ඇත්තේ කැනඩාව, නෙදර්ලන්තය සහ අමෙරිකාව යන රටවල්වලිනි.

එම සැකකටයුතු පාර්සල් රඳවාගෙන පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබේ.

ඒ අනුව කුෂ් නමැති මත්ද්‍රව්‍ය කිලෝ එකකට ආසන්න ප්‍රමාණයක් සහ කොකේන් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30ක් සොයා ගැනුණි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.