කුෂ් කිලෝ අටක් සමඟ ඉන්දියානුවන් දෙදෙනෙක් කටුනායක දී අත්අඩංගුවට

කුෂ් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටුපල ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තයේ දී මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ (02) රාත්‍රියේ දී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය පවසන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 38 සහ 47 වයස්වල පසුවන ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙක්.

ඔවුන් දෙදෙනා සන්තකයේ තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 08යි ග්‍රෑම් 220ක් සොයාගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටුපල ඒකකය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

සැකරුවන් දෙදෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (03) දින ඉදිරිපත් කිරීමට නියමිතයි.