කුෂ්වලට සමාන කෝටියක මත්ද්‍රව්‍ය සමඟ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

රුපියල් කෝටියක් වටිනා ” කුෂ්” මත්ද්‍රව්‍ය හා සමාන මත්ද්‍රව්‍යයක් සිය ගමන් මල්ලෙහි සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙක් අද (05) දින අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු කොළඹ – 12 ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බවයි වාර්තා වන්නේ.

අද අලුයම 12.50 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 319 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලෙහි ” කුෂ්” මත්ද්‍රව්‍ය හා සමාන මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 10 ක ප්‍රමාණය පැකැට් තුළ අසුරා සකස් කර සගවා ගෙන තිබී ඇති බවයි දසත ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.

මෙම මත්ද්‍රව්‍ය පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා , ඒවා කොළඹ අන්තරාදායක ඖෂධ පාළක මණ්ඩලය වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති අතර මෙම ගුවන් මගියා අද (05) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර, රදවා තබා ගෙන ප්‍රශ්ණ කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37
Video thumbnail
සුවිප් ටිකට් ඇදිලා බලයට ආ කල්ලතෝනීන්ට අරහත් ධජය නවත්තන්න බෑ - ගින්දර අළුයට හැංඟිලා තියෙන්නේ
05:53
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12