කුරුළු කැදැල්ලේ අවුරුදු සතුට ගැට කපන්නා සොරා ගනී

සිංහල අලුත් අවුරුද්දට බිරිඳ සහ දරුවන් බැලීමට යමින් සිටියදී සාක්කුවේ තිබූ රුපියල් 80,000ක මුදලක් ගැට කපන්නකු විසින් සොරා ගැනීමෙන් සිත් තැවුලට පත්ව සිටි තිදරු පියෙකුගේ මළ සිරුර කුඹුක් ගසක එල්ලෙමින් තිබියදී අද සොයා ගත් බව නවගමුව පොලිසිය පවසනවා.

මියගොස් ඇත්තේ බදුරලිය පිල්ලවලකඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි තිදරු පියෙක්.

නවගමුව පහළ බෝමිරිය ප්‍රදේශයේ ගල් මෝලක රැකියාව කරන මියගිය පුද්ගලයා එහි හිමිකරු විසින් වැටුප් වශයෙන් ලබා දුන් රුපියල් 35,000ක් සහ තමා එකතු කරගත් මුදල් සමග රුපියල් 80000ක මුදලක් රැගෙන සිංහල අවුරුද්දේ සතුට බිරිඳ සහ දරු තිදෙනා සමග භුක්ති විඳීම සඳහා ගම් ප්‍රදේශයේ වන බදුරලිය ප්‍රදේශය කරා ඊයේ උදේම පිටත් ව ගොස් තිබූ බව සඳහන්.

එම මුදල් ඔහු හැඳ සිටි කමිසයේ උඩ සාක්කුවේ දමාගෙන තිබී ඇති අතර ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී මුදල් නොමැති බවට
දැක කලබල වී සොයා බැලුවත් ප්‍රතිඵලයක් නොවූ බවින් නිවස කරා නොගොස් නැවතත් ගල් මෝල වෙත පැමිණ තිබූ බව පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා.

ඔහු ඊයේ රාත්‍රී ගල් මෝල ආසන්නයේ සුපුරුදු බෝඩිම් කාමරයෙහි ගත කර ඇති අතර අද අළුයම මිතුරෙකු පැමිණ ඔහු පිළිබඳ සොයා බැලීමේදී බෝඩිම් කාමරය තුළ නොවීම හේතුවන් සිදු කළ සෝදිසියකදී කුඹුක් ගසක එල්ලෙමින් තිබූ ඔහුගේ සිරුර හමුවී තිබෙනවා.

මහේස්ත්‍රාත් ප්‍රරික්ෂණය පවත්වීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් නවගමුව පොලිසියයි පරීක්ෂණ සිදු කරනු ලබන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39