spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කුරුළු කැදැල්ලේ අවුරුදු සතුට ගැට කපන්නා සොරා ගනී

සිංහල අලුත් අවුරුද්දට බිරිඳ සහ දරුවන් බැලීමට යමින් සිටියදී සාක්කුවේ තිබූ රුපියල් 80,000ක මුදලක් ගැට කපන්නකු විසින් සොරා ගැනීමෙන් සිත් තැවුලට පත්ව සිටි තිදරු පියෙකුගේ මළ සිරුර කුඹුක් ගසක එල්ලෙමින් තිබියදී අද සොයා ගත් බව නවගමුව පොලිසිය පවසනවා.

මියගොස් ඇත්තේ බදුරලිය පිල්ලවලකඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි තිදරු පියෙක්.

නවගමුව පහළ බෝමිරිය ප්‍රදේශයේ ගල් මෝලක රැකියාව කරන මියගිය පුද්ගලයා එහි හිමිකරු විසින් වැටුප් වශයෙන් ලබා දුන් රුපියල් 35,000ක් සහ තමා එකතු කරගත් මුදල් සමග රුපියල් 80000ක මුදලක් රැගෙන සිංහල අවුරුද්දේ සතුට බිරිඳ සහ දරු තිදෙනා සමග භුක්ති විඳීම සඳහා ගම් ප්‍රදේශයේ වන බදුරලිය ප්‍රදේශය කරා ඊයේ උදේම පිටත් ව ගොස් තිබූ බව සඳහන්.

එම මුදල් ඔහු හැඳ සිටි කමිසයේ උඩ සාක්කුවේ දමාගෙන තිබී ඇති අතර ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී මුදල් නොමැති බවට
දැක කලබල වී සොයා බැලුවත් ප්‍රතිඵලයක් නොවූ බවින් නිවස කරා නොගොස් නැවතත් ගල් මෝල වෙත පැමිණ තිබූ බව පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා.

ඔහු ඊයේ රාත්‍රී ගල් මෝල ආසන්නයේ සුපුරුදු බෝඩිම් කාමරයෙහි ගත කර ඇති අතර අද අළුයම මිතුරෙකු පැමිණ ඔහු පිළිබඳ සොයා බැලීමේදී බෝඩිම් කාමරය තුළ නොවීම හේතුවන් සිදු කළ සෝදිසියකදී කුඹුක් ගසක එල්ලෙමින් තිබූ ඔහුගේ සිරුර හමුවී තිබෙනවා.

මහේස්ත්‍රාත් ප්‍රරික්ෂණය පවත්වීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් නවගමුව පොලිසියයි පරීක්ෂණ සිදු කරනු ලබන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?