කුරුණෑගල හිටපු නගරාධිපති ඇතුළු පිරිස ගොනුකළ පෙත්සම සලකා බැලීමට දින දෙයි

කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි දෙවන බුවනෙකබා රාජ සභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධියට අදාළව පුරාවිද්‍යා පනත යටතේ තමන්ට එරෙහිව නඩු පැවරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කුරුණෑගල මහනගර සභාවේ හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු හතරදෙනෙකු විසින් ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලීම සඳහා හෙට (07) දින කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා.

මෙම පෙත්සම අද (06) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

ඒ, අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා හෙට දින අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායාස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිතයි.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ පොලීසිය විසින් තමන් අත් අඩංගුවට ගැනීමට එරෙහිව ගොනු කෙරුණු රිට් පෙත්සමක් විභාගයට ගත් අභියාචනාධිකරණය කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ට එරෙහිව නිකුත් කෙරුණු වරෙන්තු ක්‍රියාත්මක වීම වළක්වාලමින් තහනම් නියෝගයක් මීට පෙර නිකුත් කර තිබූ බවයි.

එම අභියාචනාධිකරණ නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ඇපෑලක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ නියෝගය ක්‍රියාත්මක වීම අත්හිටුවමින් ඉකුත්දා අතුරු නියෝගයක් නිකුත් කළ බවත් පෙත්සම්කරුවෝ පෙන්වා දෙනවා.

ඒ, අනුව පොලිසිය විසින් වර්තමානයේ තමන්ට එරෙහිව පුරාවිද්‍යා පනත යටතේ නඩු පැවරීමේ හැකියාව තිබෙන හෙයින් එම කටයුතු වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් කුරුණෑගල හිටපු නගරාධිපතිවරයා ඇතුළු පිරිස විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56