spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කුරුණෑගල හිටපු නගරාධිපති ඇතුළු පිරිස ගොනුකළ පෙත්සම සලකා බැලීමට දින දෙයි

කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි දෙවන බුවනෙකබා රාජ සභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධියට අදාළව පුරාවිද්‍යා පනත යටතේ තමන්ට එරෙහිව නඩු පැවරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කුරුණෑගල මහනගර සභාවේ හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු හතරදෙනෙකු විසින් ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලීම සඳහා හෙට (07) දින කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා.

මෙම පෙත්සම අද (06) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

ඒ, අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා හෙට දින අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායාස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිතයි.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ පොලීසිය විසින් තමන් අත් අඩංගුවට ගැනීමට එරෙහිව ගොනු කෙරුණු රිට් පෙත්සමක් විභාගයට ගත් අභියාචනාධිකරණය කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ට එරෙහිව නිකුත් කෙරුණු වරෙන්තු ක්‍රියාත්මක වීම වළක්වාලමින් තහනම් නියෝගයක් මීට පෙර නිකුත් කර තිබූ බවයි.

එම අභියාචනාධිකරණ නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ඇපෑලක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ නියෝගය ක්‍රියාත්මක වීම අත්හිටුවමින් ඉකුත්දා අතුරු නියෝගයක් නිකුත් කළ බවත් පෙත්සම්කරුවෝ පෙන්වා දෙනවා.

ඒ, අනුව පොලිසිය විසින් වර්තමානයේ තමන්ට එරෙහිව පුරාවිද්‍යා පනත යටතේ නඩු පැවරීමේ හැකියාව තිබෙන හෙයින් එම කටයුතු වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් කුරුණෑගල හිටපු නගරාධිපතිවරයා ඇතුළු පිරිස විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?