spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කුරුණෑගල ලිංගික අපයෝජන සිද්ධියේ සැකකරුවන් යළිත් රිමාන්ඩ්

කුරුණෑගල සිට නිකදළුපොත දක්වා ගමන් කළ පෞද්ගලික බස් රථය තුළ සිදු වූ ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් පසුගිය දින අඩංගුවට ගත් අවුරුදු 23 ක සැකකාර තරුණයා සහ එම බස් රථයේ කොන්දොස්තරවරයා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.

ඒ එම සැකකරුවන් දෙදෙනා අද දිනයේ දී කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු; වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් අධිකරණයෙන් අතිරේක මහේස්ත්‍රාත්වරයා වෙත නඩුව මාරු කිරීමෙන් පසුව එම අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය විනිසුරුවරයා විසිනුයි මෙම නියෝගය ලබන මස 6 වැනි දින දක්වා සැකකරුවන්ව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණේ.

අද දින කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා නිවාඩු ලබා තිබූ හෙයින් වැඩබලන මහේස්ත්‍රාත් විසිනුයි මෙම නඩුව අතිරේක මහේස්ත්‍රාත්වරයා වෙත යොමු කරන ලද බවට අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
3
+1
2
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?