කුරුණෑගල උසාවියේ වහල උඩ පුද්ගලයෙක් විරෝධතාවක

පොලීසියෙන් තමන්ට අසාධාරණයක් සිදු වූ බවට චෝදනා කරමින් පුද්ගලයෙක් අද (18) පෙරවරුවේ කුරුණෑගල අධිකරණ සංකීර්ණයේ වහලය මත නැඟ විරෝධතාවක නිරත වුණා.

බීමත්ව රියදුරු බලපත්‍රයක් නොමැතිව යතුරුපැදියක් ධාවනය කිරීම සහ නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් සම්බන්ධයෙන් තමන්ට මැල්සිරිපුර පොලීසිය විසින් අනීතික නඩුවක් ගොනුකර ඇති බවයි මෙම පුද්ගලයා විරෝධතාවයේ නිරත වෙමින් සඳහන් කළේ.

අධිකරණයේ වහලය මත නැඟ විරෝධතාවයේ නිරත වූ මෙම තැනැත්තා ඉන් බිමට බසස්වා ගැනීමට කුරුණෑගල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් සහ පොලීසියට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබෙනවා.

අනතුරුව මෙම පුද්ගලයා අධිකරණ කටයුතුවලට බාධා කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසිය විසින් අද (18) අත්අඩංගුවට ගැනුණු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම නිසා මිනිසුන්ට යකා නගියි ?මේක දැන් සුසාන භූමියක්වෙලා..බැකෝ ගෙනල්ලා කැඩුවා
08:29
Video thumbnail
මහා බැංකුවේ හදිසි තත්ත්වයක් ?හෙලිකොප්ටර්වලින් ඇවිත් මහ බැංකුවට බහියි..ගිනි නිවීමේ රථත් කැදවයි
03:07
Video thumbnail
අධිචෝදනා ලබා දීමෙන් පසු ඇප මත මුදාහැරපු කරන්නාගොඩ සහ යෝෂිත - යෝෂිත හැරිලා මූණත් බලලා යන හැටි
01:33
Video thumbnail
උසාවිවල තියෙන ඇත්තම ප්‍රශ්නය මෙන්න මේකයි
02:43
Video thumbnail
හබරකඩ බරකොකු තෛල සත්කාරය රැගෙන හබරකඩ ඔසු අධ්‍යක්ෂවරයා ජපානයාට යයි
02:04
Video thumbnail
දෙල්ගොඩ බිහිසුණු අනතුර CCTV කැමරාවේ - මවයි පුංචි දියණියයි එළොව යයි
01:19
Video thumbnail
චාමරට පාර්ලිමේන්තුවේ යකා නගියි - සරණාගතයෝ 7000ක් ලංකාවට පටවන්න යන්නේ
02:41
Video thumbnail
ගල් බෝතලයක් රු.3700ක් වෙනවා..මිනිස්සු මොනවද බොන්නේ..දයාසිරි නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
03:18
Video thumbnail
චාමර හොඳට අමතද්දි ජනපති අනුර පාර්ලිමේන්තුවට එයි - හිනාවත් දාගෙන බලාගෙන ඉන්න හැටි
03:10
Video thumbnail
ශ්‍රී පාද සංචාරයේ ආ මෝටර් රථයක් මෝහිණී ඇල්ලට පෙරලී සිදුවූ අනතුර
01:06