කුඩු සල්ලි නොගෙ වූ නිසා හිලව්වට දරුවෙකු පැහැරගෙන ගිහින් (වීඩියෝ)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් විසින් පැහැරගෙන ගොස් සිටි මීගමුව ප්‍රදේශයේ දරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන ඇති බව වාර්තා වනවා.

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ -රන්දිය උයන මහල් නිවාස සංකීර්ණයේ දී අදාළ දරුවා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

රන්දිය උයන මහල් නිවාස සංකීර්ණයේ පදිංචි හෙරොයින් ජාවාරමේ නිරත කාන්තාවක් විසින් මීගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකුට හෙරොයින් අලෙවි කර ඇති අතර, එලෙස අලෙවි කළ මත්ද්‍රව්‍ය සඳහා මුදල් නිගේවිම මත මීගමුවේ ව්‍යාපාරිකයාගේ දරුවෙකු කප්පම් ලෙස පැහැරගෙන ගොස් ඇති බවයි අනවරණය වී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් පොලිසියට කළ පැමිණිල්ලකට අනුවපොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පසුව පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයට දරුවා සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ විශේෂ කාර්ය බලකාය ග්‍රෑන්ඩ්පාස්, හේනමුල්ල රන්දිය උයන මහල් නිවාස සංකීර්ණයේ සිටිය දී මෙම දරුවා සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

එහිදී සැකකාර කාන්තාවක් ද විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, දරුවා ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.

මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් සිදුකරනවා.

https://youtu.be/T7ENH4tMdzs


අපගේ නවතම වීඩියෝ පුවත්