කුඩු රොෂාන්ගේ ලක්ෂ 550ක දේපළ පොලිස් භාරයට (වීඩියෝ)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මට්ටක්කුලියේ කුඩු රොෂාන්ට අයත් වත්කම් රැසක් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය භාරයට ගෙන තිබෙනවා.

ජා ඇල පොලිස් වසමේ ලක්ෂ 240ක් පමණ වටිනා නිවාසයක්, ජා ඇල පොලිස් වසමේ නිවසක් සහිත ඉඩමක් සහ CHR කාර් රථයක් ඊට අයත්.

මෙම නිවාස සහ දේපළවල මුළු වෙළදපළ වටිනාකම රුපියල් ලක්ෂ 550ක් පමණ වන බවටයි අනාවරණය වී ඇත්තේ.

වරකාපොළ ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටියදී කුඩු රොෂාන් නමැති සැකකරු ඇතුලු 23 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වුණා.

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කුඩු රොෂාන් ඇතුළු පුද්ගලයින් පිරිස වරකාපොල පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මතයි එම ප්‍රදේශයේ හෝටලයක කුලී පදනම නවාතැන් ගෙන සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවේ.

යුක්ති මෙහෙයුම තාවකාලිකව නතර කිරීමත් සමග කුඩු රොෂාන් ඇතුළු පිරිස නුවරඑළිය ප්‍රදේශයේ හෝටලයක දින කිහිපයක් නවාතැන් ගැනීම සදහා ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙහෙයුම යළි ආරම්භ කරන බවට වාර්තාවීම හේතුවෙන් මෙලෙස වරකාපොල ප්‍රදේශයේ නිවසක කුලී පදනම මත නවාතැන් ගෙන තිබෙනවා.

පිරිමි පුද්ගලයින් 10ක්, කාන්තාවන් 05ක් සහ කුඩා ළමුන් 08 දෙනෙකු සිට ඇති අතර මට්ටක්කුලිය පොලිස් ස්ථානය මගින් සමීපව අධීක්ෂණය කරනු ලබන අපරාධකරුවන් 07 දෙනෙකු ද සිට ඇති බව සඳහන්.

කුඩු රොෂාන් ඇතුළු සැකකරුවන් 15 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත වරකාපොල පොලිස් ස්ථානයේ රඳවා වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

මෙම නිවස පළමුව ඔහුගේ අනියම් බිරිඳගේ නමට මිලදී ගෙන පසුව සිය සහෝදරයාට පවරා තිබෙනවා.

මේ සම්බන්දයෙන් මුදල් විශුද්ධිකරණය යටතේ විමර්ශන සිදුකිරීමට නියමිතයි.

මේ අතර පාතාලය සහ මත්ද්‍රව්‍ය මැඬලීම සඳහා දියත් කළ ‘යුක්තිය’ මෙහෙයුම අදත් දිවයින පුරා පොලිස් කොට්ඨාස 45ක් කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මකයි.

දිවයින පුරා සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී ‌ඊයේ දිනය තුළ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම ඇතුළු විවිධ චෝදනා යටතේ පුද්ගලයින් 1422 දෙදෙනෙකු අත්අඩංගුවට ගැණුනා.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය සහ ඒ අවට අද අලුයම 4 සිට 7 දක්වා විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක වූයේ පොලිස් විශේෂ කාර්ය බලකාය, ශ්‍රී ලංකා යුද හමුදාව සහ නාවික හමුදාව එක්වයි.

එහිදී කොළඹට පැමිණෙන සහ කොළඹින් පිටවන පුද්ගලයින් පොලිස් නිල සුනඛයින්ගේද සහය ඇතුව විශේෂ පරීක්ෂාවට ලක්කළ අතර මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම ඇතුළු විවිධ චෝදනා යටතේ සැකකරුවන් 25 දෙනෙකු මෙහිදී
අත්අඩංගුවට ගැණුනා.

මේ අතර අද අලුයම කුඩාවැල්ල ධීවර වරාය හා ඒ ආශ්‍රිත ප්‍රදේශවලදී පොලිස් විශේෂ කාර්ය බලකාය, ශ්‍රී ලංකා යුද හමුදාව සහ පොලිසිය එක්ව සෝදිසි මෙහෙයුමක් දියත් කරනු ලැබුවා.

එහිදී පොලිසියට අවශ්‍යව සිටි වරෙන්තුකරුවෙකු සහ සැකසහිත පුද්ගලයින් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද අලුයම කුරුණෑගල පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව විල්ගොඩ සහ බණ්ඩාරනායකපුර යන ප්‍රදේශ විශේෂ පරීක්ෂාවකට ලක්කළා.

එහිදී දේවාලයක් පවත්වාගෙන යන මුවාවෙන් සිදුකරගෙන ගිය මහා පරිමාණ කසිප්පු බෙදා හැරීමේ ස්ථානයක් සොයා ගැනීමට පොලිසිය සමත් වූ අතර එහි සිටි පුද්ගලයින් 6 දෙනෙකු සැක පිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර කුරුණෑගල, වේඬරුවැව ප්‍රදේශයේදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙක් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් නිලධාරීන් ඉතා අමානුෂීය අයුරින් ක්‍රියා කරන ආකාරය මෙලෙස දක්නට ලැබුණා.

යුක්තිය මෙහෙයුමට සමගාමීව දඹුල්ල පොලිසිය විසින් පොලිස් නිල සුනඛයින්ගේද සහය ඇතිව නගරයේ සැක සහිත නිවාස සහ හෝටල් කිහිපයක් පරීක්ෂා කිරීම සිදුකෙරුණා.

එහිදී සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් අතර මෙහෙයුමේදී සොයා ගත් වාහන අංක තහඩු තොගයක් පිළිබඳව දඹුල්ල පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
මගේ ඇටයක් නෑ.. පොහොට්ටුවේ පාක්ෂකයින් යකා නටයි
02:01
Video thumbnail
අනුරාධපුරයම හොල්ලගෙන පොහොට්ටුවේ රැළියට එන මිනිස්සු - රොත්ත පිටින් පිටියට බැස්ස මහ ජනතාව
01:06
Video thumbnail
රාජපක්ෂලාගේ ගෙදර බල්ලන්ට විතරයි නඩු නැත්තේ
02:49
Video thumbnail
නාමල්ගේ රැළියට ඇවිත් ආණ්ඩුවෙන් ගේම ඉල්ලපු තරුණයා - මේ කැ## මොනවද කරලා තියෙන්නේ ?
00:53
Video thumbnail
කෝට්ටේ රජමහා විහාරස්ථානයට ගිය සජිත්ට හමුවූ ආණ්ඩු ප්‍රබලයින් - ජනතාවගෙන් විපක්ෂ නායකට ලැබුණු ආදරය
02:07
Video thumbnail
විපක්ෂයට දැන් සොහොන් ලකුණු පේනවා
09:33
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16