කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික අංශයට සහන සැපයීම ගැන COPF කමිටුවේ අවධානය

ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 26 (5) වගන්තියේ ඇති මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසු‍මේ දක්වා ඇති පරිදි උද්ධමන ඉලක්කයෙන් බැහැරවීම් සම්බන්ධ ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාව පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවදී (COPF) සාකච්ඡාවට ලක් වුණා.

මෙම වාර්තාව 2024 වර්ෂයේ දෙවන සහ තෙවන කාර්තු සඳහා මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසු‍මේ දක්වා ඇති උද්ධමන ඉලක්කයෙන් බැහැරවීම් සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කර තිබුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගිය 23 වනදා රැස්වූ අවස්ථාවේ දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම කෙරුණා.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව, 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 26(5) වගන්තියට අනුව, මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමේ දක්වා ඇති උද්ධමන ඉලක්කය අඛණ්ඩව කාර්තු දෙකක් සඳහා නිශ්චිත ආන්තිකයකින් පවත්වාගැනීමට මහ බැංකුව අපොහොසත් වුවහොත් මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මුදල් අමාත්‍යවරයා හරහා පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කළ යුතු අතර එය මහජනතාවට ද ලබා ගත හැකියි.

2023 ඔක්තෝම්බර් 03 වනදා අත්සන් කරන ලද මෙම ගිවිසුමට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව කාර්තුමය මතුපිට උද්ධමන අනුපාතිකය 5% ලෙස දක්වා ඇති අතර මහ බැංකු පනතේ 26 (5) වගන්තියේ අවශ්‍යතාව මත උද්ධමන ඉලක්ක සඳහා වන ආන්තික ප්‍රතිශතාංක ± 2 ක් ලෙස ද දක්වා තිබෙනවා.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මගින් මනිනු ලබන කාර්තුමය මතුපිට උද්ධමන අනුපාතිකය, 2024 දෙවන සහ තුන්වන කාර්තු දෙකෙහි අඛණ්ඩව කාර්තු දෙකක් සඳහා මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමේ නියම කර ඇති ආන්තිකයට වඩා පහළින් උද්ධමන ඉලක්කයෙන් බැහැරව තිබුණා.

එය පිළිවෙලින් 1.4%ක් සහ 0.8%ක් ලෙස වාර්තා වී ඇති බැවින්, ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 26 (5) වගන්තිය යටතේ අවශ්‍ය වාර්තාව මුදල් අමාත්‍යවරයා හරහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි.

මේ සම්බන්ධයෙන් මහ බැංකු නිලධාරීන් විසින් දීර්ඝව කරුණු පැහැදිලි කරන ලද අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන ලද විමසීම් ප්‍රශ්න සඳහා ද පැහැදිලිකිරීම් සිදුකරනු ලැබුවා.

මේ අනුව උද්ධමන ඉලක්කයෙන් බැහැර වීමට හේතුවන ප්‍රධාන සාධක සම්බන්ධයෙන් ද මහ බැංකු අධිපතිවරයා පැහැදිලි කළ අතර, විදුලි ගාස්තුව, දේශීය ඉන්ධන මිල, අහාර මිල, ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශක්තිමත් කිරීම, පෞද්ගලික අංශයේ ණය ප්‍රසාරණය, බැංකු පොළී අනුපාතය, මූල්‍ය පද්ධතිය හරහා මුදල් ප්‍රතිපත්ති සම්ප්‍රේෂණය වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් පෙන්වා දුන්නා.

තව ද ශ්‍රී ලංකාව 5% උද්දමන ඉලක්ක නිවැරදිව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය පෙන්වා දුන් අතර, මුදල් ප්‍රතිපත්තිය වඩාත් අවධානය යොමු කොට නිවැරදි තුලනයක් සහිතව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය පෙන්වාදෙන දෙනු ලැබුවා.

එමෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික අංශය වෙනුවෙන් සහන සැපයීම සහ දිරිමත් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වුණා.

මේ අනුව මහ බැංකුව විසින් සපයන ලද දත්ත මත පදනම්ව, ප්‍රතිව්‍යුහගත ණයවල රුපියල් මිලියන 25ට අඩු හිඟ ප්‍රාග්ධනයක් ඇති ණය හිමියන්ගෙන් 99% කට බැංකු සමඟ නැවත සාකච්ඡා කර බේරුම්කරණ මාර්ගයකට එකඟ වීමට මාස 12 ක කාල දිගුවක් ලබාදීම සහ රුපියල් 25,000,000ත් 50,000,000ත් අතර ණය ලබාගත් ණය හිමියන්ට මාස 09ක දිගුවක් ලබාදීම සම්බන්ධයෙන් සහ අනෙකුත් සියලුම ණය හිමියන් වෙනුවෙන් මාස 06ක දිගුවක් ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු ව තිබෙනවා.

එමෙන්ම රජය විසින් යෝජනා කර මහ බැංකුව හරහා ක්‍රියාත්මක කිරීමට නියමිත සහන පැකේජයට ණය ශ්‍රේණිගත කිරීමේ තත්ත්වය ලිහිල් කිරීම, ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කිරීම, ප්‍රතිව්‍යුහගත කරන ලද ණය සඳහා අඩු පොළී අනුපාත ලබාදීම සහ තක්සේරු ආරවුල් විසඳීම සඳහා විනිවිද පෙනෙන යාන්ත්‍රණයක් සැපයීම යන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා වුණා.

මෙහිදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහ බැංකුව නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් සඳහන් කළේ එක් එක් ක්ෂේත්‍ර පිළිබඳ සළකමින් මෙම සහන දීම සිදුකිරීම අපහසු බවයි.

එසේම කලාපයේ පවතින අනෙකුත් රටවල් විසින් පවත්වාගෙන යන උද්දමන අනුපාතය සම්බන්ධයෙන්ද මෙහිදී සාක්ච්ඡා වුණා.

තවද මෙවැනි සාකච්ඡාවක් කාර්තුවකට වරක් හෝ පැවැත්වීමේ වැදගත්කම ද කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයට එරෙහිව පැමිණිල්ලක් - විශාල මූල්‍ය අලාභයක් කරලා..පාඩුව තෙගුණ වෙනවා
04:51
Video thumbnail
අනුර එදා වමට සිග්නල් දාල දකුණෙත් එහාට ගිහින් - සමාජවාදය ෆේල් - ධනය උපයන්න බෑ
07:23
Video thumbnail
සජබයත් - එජාපයත් එකට එකතු වෙනවා..අපි දකුණටත්, වමටත් නෙවෙයි - JRගේ මැද මාවතේ
05:26
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00
Video thumbnail
"මගේ පුතෙක් වගේ ජනාධිපතිතුමා ඔයා" - අනුරපුරේදී ජනපතිට හිමිවූ අපූරු ජනතා ආදරය..
00:39
Video thumbnail
නාමල් බලන්න ආ ප්‍රසන්නව අධිකරණයෙන් පන්නයි - මූණත් අවුල් කරගෙන ගිය හැටි
00:39