කුකුළ් සොරකමේ ගිය යුද හමුදා සෙබළාට සිදු වු දේ

ඊයේ (21) රාත්‍රියේ පොද්දල පොලිසිය විසින් කුකුළන් හතර දෙනෙකු සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පෝද්දල, අඳුරත්විල ප්‍රදේශයේ පදිංචිව සිටි යුද හමුදා සෙබළෙක් බවයි වාර්තා වන්නේ.

පෝද්දල, වල්පිට පදිංචි පුද්ගලයෙක් පසුගියදා සිදුකළ පැමිණිල්ලකට සිදුකළ විමර්ශනයකදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති අතර රුපියල් 2500ක් පමණ වටිනා කුකුළන් සිව්දෙනෙකු සොරකම් කර ඇති බවයි පැවසෙන්නේ. සැකකරු අද (22) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?