spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කිසි ප්‍රශ්නයක් නෑ මෛත්‍රීට පුළුවන් ඇත්ත කියන්න-ෂෙහාන්

පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන් කඩිනමින් රටට හෙළි කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට හැකියාව පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

අධිකරණය මගින් සෑම විටම ස්වාධීනත්වය සහ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට කටයුතු කරන බැවින් ඔහුට කිසිදු ගැටළුවක් සිදු නොවනු ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ.

එමෙන්ම පැවති අස්ථාවර දේශපාලන හා ආර්ථිකය ස්ථාවරත්වයක් සඳහා ගෙන එනු ලැබූ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය පිළිබඳව තවදුරටත් විශ්වාසය තැබිම තුළින් නැවත රට බංකොලොත් තත්වයට පත් නොවීමට හේතුවන බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

වර්තමානයේදී ගොඩනැගෙන දේශපාලන හා ආර්ථිකමය ස්ථාවරත්වය මැතිවරණ සඳහා ජනප්‍රිය තීන්දු තීරණ ගැනීමෙන් බිඳ වැටුණහොත් නැවත ආර්ථික ස්ථාවරත්වය ගොඩනැගීමට වසර පහළොවකට වැඩි කාලයක් ගතවනු ඇති බවත් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?