කිවියන් පරදා ශ්‍රී ලංකාවට සුපිරි ජයක් – තරගාවලියේ ජයත් සිංහයින්ට

සංචාරක නවසීලන්තය සමඟ පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජයගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද (29) සමත් වුණා.

නවසීලන්තය පරාජය කර ශ්‍රී ලංකාව මෙම තරගය ජය ගත්තේ ඉනිමකින් සහ ලකුණු 154කින්.

දෙරට අතර ගාල්ලේ දී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු පහක් දැවී ලකුණු 602ක් රැස්කරගෙන සිටිය දී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල්, කමිඳු මෙන්ඩිස්, සහ කුසල් මෙන්ඩිස් ශතක රැස් කිරීමට සමත් වුණා.

අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට සියලු ක්‍රීඩකයින් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 88ක් පමණයි.

දඟ පන්දුවෙන් නවසීලන්ත පිතිකරුවන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කළ ප්‍රභාත් ජයසූරිය කඩුලු 06ක් සහ නවක ක්‍රීඩක නිශාන් පීරිස් කඩුලු 03ක් බිඳ දැමුවා.

ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 514ක් පසුපසින් සිටි නවසීලන්තයට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදීමට ආරාධනා ලැබුණා.

එහිදී ඉනිමක පරාජයෙන් ගැලවීමේ මෙහෙයුම ඇරඹු නවසීලන්ත පිතිකරුවන්ට සිය දෙවන ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස්කරගත හැකි වුයේ ලකුණු 360ක් පමණයි.

දෙවන ඉනිම වෙනුවෙන් ග්ලෙන් ෆිලිප්ස් ලකුණු 78ක් සහ මිචෙල් සැන්ට්නර් ලකුණු 68ක් රැස් කළා.

නවසීලන්ත දෙවන ඉනිම සුණු විසුණු කළ නවක දඟ පන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් එම ඉනිමේ කඩුලු 06ක් බිද දැමීමට සමත් වුණා.

ඒ, අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගයෙන් ඉනිමක සහ ලකුණු 154ක දැවැන්ත ජයග්‍රහණයක් හිමිකර ගත්තා.

මෙම ජයත් සමඟ දෙරට අතර පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග දෙකට බිංදුවක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජය හිමිකර ගත්තා.

දෙවන තරගයේ වීරයා ලෙස කමිඳු මෙන්ඩිස් සම්මාන හිමිකරගත් අතර, තරගාවලිය තුළ කඩුලු 18ක් බිඳ දැමූ ප්‍රභාත් ජයසූරිය තරගාවලියේ වීරයා බවට පත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08