කිවියන් පරදා පළමු එක්දින තරගයේ ජය අවසන් මොහොතේ ඉන්දියාව උදුරා ගනී

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරගය තියුණු සටනකින් අනතුරුව ජය ගන්නට සත්කාරක ඉන්දීය කණ්ඩායමට ඊයේ (18) රාත්‍රියේ හැකියාව ලැබුණා.

හයිද්‍රාබාද්හි රජිව්ගාන්ධි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගය අවසන් පන්දුවාරයේදී ඉන්දියාව ජය ගත්තේ ලකුණු 12 කින්.

කාසිය වාසිය දිනූ ඉන්දීය නායක රෝහිත් ශර්මා දෙවරක් නොසිතාම පළමුව පන්දුවට පහරදීමට තීණය කළා.

එහිදී ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා ලකුණු 34කට දැවී ගිය අතර, ඉන්පසු පිටියට එක් වූ විරාට් කෝලි මිචල් සැන්ත්නර්ගේ පන්දුවක් හමුවේ ලකුණු 08කට දැවී ගියා.

ඉශන් කිශාන් ලණුණු 05කට දැවී ගිය අතර,පිටියේ ස්ථාවර වූ ශුබ්මන් ගිල් සිය පළමු ජාත්‍යන්තර එක්දින ද්විත්ව ශතකය රැස්කිරීමට සමත් වුණා.

පන්දු 149ක් තුළ වර්ණවත් හතරේ පහර 19ක් සහ හයේ පහර 09කින් ඔහුගේ ඉනිම ගොඩනැගුණු අතර, මැදපෙළ පිතිකරුවන් ලෙස සූර්යකුමාර් යාදෙව් සහ හර්දික් පාන්ඩ්‍යා අනෙක් අන්තයේ ස්ථාවර වෙමින් ඉන්දීය ඉනිම කඩුලු 08ක් තුළ ලණුණු 349ක් දක්වා ඉහළට ඔසවා තබන්නට දායක වුණා.

මේ අතර ඉන්දීය පිතිකරු ශුබ්මන් ගිල් වාර්තා අතරට එක් වුනේ ජාත්‍යන්තර එක්දින තරගයක ද්විත්ව ශතකයක් වාර්තා කළ ලොව ලාබාලතම පිතිකරුවා ලෙසයි.

ශුබ්මන් ගිල් මේ වනවිට 23 හැවිරිදි වියේ පසුවනවා.

පන්දු ‍යැවීමේදී ඩැරල් විචල් සහ හෙන්ඩ්‍රි ශිප්ලි ඉන්දීය ඉනිමේ කඩුලු 02 බැගින් දවා ගත්තා.

අනතුරුව ලකුණු 350ක ඉලක්කයක් හැඹා යෑමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමේ ආරම්භ පිතිකරු ෆින් ඇලන් ලකුණු 44ක් රැස්කළ ‍අතර අනෙකුත් මුල්පෙළ පිතිකරුවන්ට එතරම් ලණුණු අතරට පැමිණිමට දග පන්දු යවන්නන් වන කුල්දීප් යාදෙව් සහ වොශින්ටන් සුන්දර් ඉඩලබා දුන්නේ නැහැ.

නවසීලන්ත ඉනිම අසීරු අඩියක තිබිය දී පිටියට පිවිසි මිචෙල් බ්‍රෑක්වෙල් ඉනිදීය පන්දු යවන්නන්න්ට පිටිය සිසාරා පහරවල් එල්ල කරමින් නවසීලනත් ජයග්‍රහණයට යම් බලාපොරොත්තුවක් එක්කළා.

ඔහුට අනෙක් අන්තයෙන් අනගි සහයක් ලබා දුන් මිචෙල් සැන්ට්නර් පන්දු 45ක් තුළ ලකුණු 57ක් රැස්කළා.

ඔහුට දැවීයාමෙන් පසු නවසීලන්ත පිළ ජයග්‍රහණය කරා රැගෙන යාමේ සටන තිනිව භාරගත් මිචෙල් බ්‍රැක්වෙල් අවසන් පන්දුවාරය තෙක් එම සටන රැගෙන ගියා.

ශාදූල් ඨකූර් යැවූ අවසන් පන්දුවාරයේ අවසන් පන්දු 05ට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 13ක් රැස් කර ගැනීමට නියමිතව තිබුන ද එම පන්දුවාරයේ දෙවන පන්දුවට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූ එතෙක් පිටියේ සථාවරව රැදී සිටි මිචෙල් බ්‍රැක්වෙල් නවසීලන්ත ඉනිමේ අවසන් කඩුල්ල ලෙස දැවී ගියා.

ඔහු දැවීයන අවස්ථාවේ පන්දු 78ක් තුළ වේගවත් ලකුණු 140ක් රැස්කරගෙන සිටි අතර ඊට දැවැන්ත හයේ පහර 10ක් සහ දර්ශනීය හතරේ පහර 12ක් ඇතුළත්.

පන්දුවාර 19‍යි පන්දු 02ක් තුළ නවසීලන්ත සියලු පිතිකරුවන් දැවී යද්දී ලකුණු පුවරුව දැක්වුණේ ලකුණු 337ක් ලෙසයි.

ඒ අනුව ඉන්දියාව ලැබූ මෙම ජයත් සමග තරගය තුනකින් සමන්විත තරගාවලිය තරග එකට බිංදුවක් ලෙස පෙරමුණ ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවපු එකට විරුද්ධව භික්ෂූන් වහන්සේලා පාරට බහී
06:27
Video thumbnail
මට පුදුමයි, මම ජීවත් වෙන්නේ ලංකාවේ ද..?
08:15
Video thumbnail
මම ඥානසාර හිමිගේ සිවුර ගලවන්න ගියේ නෑ - මට අයිතියක් නෑ
07:04
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - සභානායකට බලය දීලා කථානායක චොරවෙලා ඉන්නේ
02:06
Video thumbnail
ඥානසාර හිමිට ජනාධිපති සමාව ඉල්ලා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය පාරට බහියි
00:58
Video thumbnail
එදා හිටපු විදියටමයි අදත් ජීවත් වෙන්නේ..අපිට හීනමානයක් නෑ - හිතාමතා කිසිම වරදක් කරන්නේ නෑ අපි
05:46
Video thumbnail
අපේ චන්දන සහෝදරයා අනතුරකට ලක්වෙලා - වරදක් කරලා තියෙනවනම් කාට වුණත් දඬුවම් ලැබෙනවා
01:55
Video thumbnail
විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් කථානායකට විරුද්ධ විශ්වාසභංග‍ය අත්සන් තබපු හැටි
02:13
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20