කිවියන්ට අවසන් T20 තරගයේ දී දැවැන්ත ලකුණු පුවරුවක් ශ්‍රී ලංකාවෙන් හිමිවෙයි

නවසීලන්තයට එරෙහි ව පැවැත්වෙන තුන්වැනි T20 තරගයේ දී පළමු ව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී දැවැන්ත ලකුණු 218ක් ලබා ගත්තා.

නෙල්සන් ක්‍රීඩාංගණයේ දී එරට වේලාවෙන් අද පෙරවරුවේ ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ නායක මිචෙල් සැන්ට්නර් පළමු ව පිතිකරණය සඳහා ශ්‍රී ලංකාවට ඇරයුම් කළා.

පෙර තරග ද්විත්වයේ දී ම මුල් පෙළ සාර්ථක වුව ද මැද පෙළ දියාරු වූ පසුබිමක ආරම්භක පිතිකරුවන් යුවළ වන පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් පිළිවෙළින් ලකුණු 14කට සහ 22කට දැවී යද්දී කණ්ඩායමේ වගකීම කරට ගත් කුසල් ජනිත් පෙරේරා තරගයට නව ජීවයක් ගෙන දුන්නේ වසර 14කට පසුව ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියමින්.

2011 වර්ෂයේ දී ටී.එම් ඩිල්ෂාන් ලබා තිබූ T20 ශතකයෙන් පසුව ශතකයක් ලබා ගන්නට ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් පෙරේරා අද සමත් වූයේ පන්දු 46ක දී ලකුණු 101ක් ලබා ගනිමින්.

ඊට හයේ පහර 04ක් සහ හතරේ පහර 13ක් ඇතුළත්.

එමෙන්ම කුසල්ගේ මෙම ශතකය ලාංකික ක්‍රීඩකයෙකු ලබාගත් වේගවත්ම T20 ශතකයයි.

මීට අමතර ව නායක අසලංක ද පන්දු 21ක දී ලකුණු 46ක් ලබාගත්තේ හයේ පහර 05ක් සහ එක් හතරේ පහරක් සමගින්.

කඩුලු බිඳ දැමීමේ දී සැන්ට්නර්, ෆෝල්ක්ස්, ඩෆී, මිචෙල් සහ මැට් හෙන්‍රි එක් ව එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.

ඒ අනුව අවසන් තරගය ජය ගනිමින් තරගාවලිය තරග 3-0ක් ලෙස සත්කාරකයින්ට ජය ගැනීමට ශ්‍රී ලංකාවෙන් ලකුණු 219ක ඉලක්කයක් හිමි වුණා.

මේ වනවිට තරගාවලියේ පෙරමුණේ සිටින්නේ නවසීලන්තයයි.

ඒ තරග 2-0ක් ලෙස ජය ගනිමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32