කිරි සමන්ගේ ෆේස් බුක් ඇඩ්මින්ටත් වැඩ වරදී

11 හැවිරිදි දැරියක් නිවසින් රැගෙන ගොස් මත්ද්‍රව්‍ය බොන්නට දී ඇය ව අපයෝජනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා අත්අඩංගුවට ලක්වූ ටික් ටොක් සමාජ මාධ්‍යයේ කිරි සමන් ලෙස හඳුන්වන තරුණයා විසින් අපයෝජනයට ලක්කළ බව කියන 11 හැවිරිදි දැරිය ඇතුළු දැරියන් සිය ගණනකගේ ඡායාරූප පළ කර තිබූ ෆේස්බුක් පිටුවක් වහාම ක්‍රියාත්මක වන පරිදි අක්‍රීය කර තිබෙනවා.

ඒ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මඟින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත කළ දැනුම් දීමකට අනුව යි.

එමෙන්ම අදාළ ෆේස්බුක් පිටුව පවත්වාගෙන යන පුද්ගලයාව කැඳවා ප්‍රකාශ ලබා ගෙන ඇති අතර, ඡායාරූප ලබා ගැනීමට හා ඒවා සංස්කරණය කිරීමට යොදා ගත් කැමරා, පරිගණක ඇතුළු උපකරණ ද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය භාරයට ගෙන තිබෙනවා.

ඔහු පිළිබඳ අද අධිකරණයට වැඩිදුර කරුණු වාර්තා කිරීමට නියමිත බව යි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේ.

රාජගිරිය – කළපළුවාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු, කිරි සමන් නමින් ටික්-ටොක් මධ්‍යය ජාලයේ පෙනී සිටි අයෙකු වනවා.

එකොළොස් හැවිරිදි දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙනු යි ඔහු ව අත් අඩංගුවට ගැනුණේ.

දැරිය ව අවස්ථා කිහිපයක දී ම නිවසින් රැගෙන ගොස් මත්ද්‍රව්‍ය බොන්නට දී ඇය ව අපයෝජනය කිරීම සම්බන්ධයෙන් මොහුට චෝදනා ගොනු වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනතුරකට ලක් වූ යුවළකට පිහිටක් වූ පාඨලී
03:15
Video thumbnail
වැල්ලවාය පොලිසියෙන් අයිස්ක්‍රීම් දන්සලක්
00:56
Video thumbnail
මාතර විශාලතම තොරණ හිත්තැටියේ රජ මහා විහාරස්ථානයේ
01:54
Video thumbnail
තෙල් මිල වැඩිවීම නිසා ධීවරයින් තවත් අමාරුවේ වැටෙයි
03:55
Video thumbnail
මියගිය දෙමාපියන්ට පින් පතාමහා අනුරාධපුරයේ මහා සංඝගත දක්ෂිණාවක්..තාවකාලික අටමස්ථානාධිපතිත් වැඩම කරයි
02:04
Video thumbnail
වෙසක් අත්දැකීම ඩිජිටල් ඇසින් - කොළඹ නෙළුම් කුළුණේදී ඇරඹෙයි..නි.ඇමති එරංග වීරරත්නත් එයි
02:56
Video thumbnail
මෙච්චර කාලෙකට දැක්ක සුන්දරම දන්සල..බලන්නකෝ ඒ වෙනස්ම අදහස
01:15
Video thumbnail
බොරැල්ලේ තොරණ් රාජයා අගමැති හරිනිගේ සුරතින් විවෘත කළ අයුරු..තොරණ බලන්න විශාල සෙනඟක් ඇවිත්
03:00
Video thumbnail
විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් එකතුවෙලා දුන්න දන්සල..හකුරු සමඟ බෙලිමල්
01:42
Video thumbnail
දිලිත්ගේ රොටී දන්සලට ඉරාජ් එයි"රොටියක් කාලා යන්න ආවා.."නයයි රොටියයි අතාරින්නෙම නෑනේ..
03:45