කිරින්දෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගය ගැන තොරතුරු හෙළිවෙයි

කිරින්ද, අඳගලවැල්ල වෙරළ තීරයේ දී විෂ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් සමඟ අද (12) අලුයම සැකකරුවන් අටදෙනෙක් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

තිස්සමහාරාම ප්‍රදේශයට මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන එන බවට එම කොට්ඨාසයට ලැබුණු තොරතුරක් මත සිදුකළ විශේෂ මෙහෙයුමක දීයි මෙම මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත්තේ.

ගැඹුරු මුහුදේ සිට බහුදින ධීවර යාත්‍රාවකින් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය කුඩා බෝට්ටුවකට මාරු කර ඒවා කිරින්ද, අඳගලවැල්ල වෙරළ දෙසට රැගෙන විත් තිබෙනවා.

මලු 19 බහා තිබූ එම මත්ද්‍රව්‍ය කඹයක් ආධාරයෙන් මුහුදේ පාවෙන සේ දමා ගොස් තිබූ අතර, ඒවා රැගෙන ඒමට පැමිණි සැකකරුවන් හත්දෙනෙකු වෙරළ තීරයේ දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරුව මෙම ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙක් ද අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති අතර, ජාවාරමට යොදාගත් බව කියන රථවාහන හයක්ද පොලිස් භාරයට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය මේ වනවිට ඩුබායි හි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ඩුබායි රන් මල්ලී නැමැත්තාට අයත් බවටයි සැකපළ කරන්නේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් කිරින්ද, හික්කඩුව සහ කඩුවෙල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

මත්ද්‍රව්‍ය තොගය සහ වාහන 06 කිරින්ද පොලිස් ස්ථානය වෙත මේ වනවිට ගෙනවිත් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57