කිරන් පොලාඩ්ගේ කිසිවෙකුට සමකල නොහැකි ලෝක වාර්තාව

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය යටතේ පැවැත් වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ පංජාබ් කිංග්ස් කණ්ඩායම අතර තරගයේදී විරල ලෝක වාර්තාවකට උරුමකම් කීමට මුම්බායි ඉන්දියන් කණ්ඩායම නියෝජනය කරන කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක කිරන් පොලාඩ් සමත්වුණා.

පංජාබ් කිංග්ස් ඉනිමේ 07 වන පන්දුවාරය ක්‍රියාත්මක කළ පොලාඩ්, එහි දෙවන සහ සිව්වන පන්දුවලට පිළිවලින් ක්‍රිස් ගේල් සහ කේ.එල්. රාහුල් දවා ගත්තා.

එම කඩුලු දෙකත් සමග පොලාඩ් මේ වන විට විස්සයි විස්ස පිටියේ බිද හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 300ක්.

ඒ අනුව 34 හැවිරිදි සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක කිරන් පොලාඩ් වාර්තා අතර එක් වුණේ විස්සයි විස්ස පිටියේ දී ලකුණු 10,000 ක් හා කඩුලු 300 ක් වාර්තා කළ ප්‍රථම ක්‍රීඩකයා ලෙසයි.

පොලාඩ්ට අමතරව ක්‍රිස් ගේල්, ඩේවිඩ් වෝනර්, ෂොයිබ් මලික් සහ විරාට් කෝලි යන ක්‍රීඩකයන් ද විස්සයි විස්ස පිටියේ දී ලකුණු දස දහසේ සීමාව අභිබවා ගොස් තිබෙනවා.

පොලාඩ් හැරුණු විට සෙසු ක්‍රීඩකයින් සිව් දෙනා අතරින් වැඩිම විස්ස විස්ස කඩුලු ලාභියා වන ෂොයිබ් මලික් බිඳ හෙලා ඇත්තේ කඩුලු 152ක් පමණයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28