කියුබානු තානාපතිවරිය සහ කථානායක අතර හමුවක්

ශ්‍රී ලංකාවේ කියුබානු ජනරජයේ තානාපති ගරු පැට්‍රීෂියා ලාසාරා පෙගෝ ගුවේරා (Patricia Lázara Pego Guerra) ඊයේ (06) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න හමුවුණා.

පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.

මෙම හමුවේදී දෙපාර්ශ්වයම ශ්‍රී ලංකාව සහ කියුබාව අතර වසර 65කට අධික ශක්තිමත් සහ මිත්‍රශීලී ද්විපාර්ශ්වික සබඳතා නැවත තහවුරු කළා.

කථානායකවරයා තානාපතිවරියගේ පත්වීම පිළිබඳව සුබ පැතුම් එක්කරමින් දෙරට අතර කල් පවතින මිත්‍රත්වය සිහිපත් කරනු ලැබුවා.

එසේම චේගුවේරා, ෆිදෙල් කැස්ත්‍රෝ ඇතුළු කීර්තිමත් කියුබානු නායකයින්ගේ භූමිකාව ද කථානායකවරයාගේ ඇගයීමට ලක්වුණා.

බහුපාර්ශ්වික ජාත්‍යන්තර සැසිවාරයන්හීදි, විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරවලදී, කියුබාව ශ්‍රී ලංකාව සඳහා දැක්වූ අඛණ්ඩ සහයෝගය පිළිබඳව කථානායකවරයා සිය කෘතඥතාව පළ කළා.

කියුබාවේ පවතින දියුණු වෛද්‍ය ක්ෂේත්‍රය ගරු කථානායකවරයා ඇගයීමට ලක් කළ අතර තමා වෛද්‍ය ශිෂ්‍යයෙකු ලෙස සිටි කාලය තුළ සුවිශේෂී කැපවීමකින් හා මානුෂීය ගුණාංගයන්ගෙන් යුතුව ශ්‍රී ලංකාවේ සේවය කළ කියුබානු වෛද්‍යවරුන් පිළිබඳව ඔහුගේ මතකය ගෞරවයෙන් සිහිපත් කරනු ලැබුවා.

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දනය සඳහා සහාය වීම පිළිබඳව කියුබානු රජයට කථානායකවරයා සිය කෘතඥතාව පළ කළ අතර, විශේෂයෙන් කියුබානු දියුණු වෛද්‍ය තාක්ෂණික සහය තුළින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා අංශය සංවර්ධනය කිරීමේදී අඛණ්ඩ සහයෝගය අපේක්ෂා කරන බවත් සඳහන් කළා.

පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ වැදගත්කම අවධාරණය කරමින්, ශ්‍රී ලංකා – කියුබානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය මගින් ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ හැකියාව ගරු කථානායකවරයා පෙන්වා දුන්නා.

මෙහිදී අදහස් දක්වමින් තානාපතිනිය වන පෙගෝ ගුවේරා කියුබාවේ කල් පවතින මිත්‍රත්වය සහ ශ්‍රී ලංකාවට ලබා දෙන අඛණ්ඩ සහයෝගය නැවත තහවුරු කළා.

ශ්‍රී ලංකා රජයේ කළමනාකරණ හැකියාව, විශේෂයෙන් දිට්වා සුළි කුණාටුවෙන් පසු රට යථාවත් කිරීම සඳහා රජය
කඩිනම් පියවර ගැනීම පිළිබඳ ඇය ප්‍රශංසා කළා.

ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායමක් සමඟ කියුබාවට පැමිණෙන ලෙස ද තානාපතිවරිය කථානායකතුමාට ආරාධනා කළා.

කියුබානු ශිෂ්‍යත්ව වැඩසටහන් හරහා අධ්‍යාපනය, ක්‍රීඩා අංශයේ සංවර්ධනය සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා වැවිලි කර්මාන්තයේ සහයෝගීතාවය වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීම කෙරෙහි ද සාකච්ඡාවේදී අවදානය
යොමු වුණා.

මෙම හමුවෙන් අනතුරුව, තානාපතිවරිය ශ්‍රී ලංකා – කියුබා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජිකයින් පිරිසක් ද හමුවී ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව සුහද සාකච්ඡාවක නිරත වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබ ගොවි විරෝධය මැදිරිගිය නගරය උණුසුම් කරයි - සරත්, ලාල්කාන්තව මිනිස්සු එකතුවෙලා ගි# තියයි
02:38
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහන මිලට සහල් 20kgක් දෙනවා - 120ට වී ගත්තම ඇති ගොවියන්ගෙන්
05:28
Video thumbnail
බිහිසුණු අනතුරකට පත්වූ දියතලාවේ බස් රථය ගොඩට ගත් හැටි - කට්ටිය දැඩි පරිශ්‍රමයක් දරලා ගන්නේ
04:20
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට..අහුවෙන එකෙන් අරන් ප#ර දෙන්නේ
05:05
Video thumbnail
යුද හමුදාව, පොලිසිය ඇතුළු පිරිස එක්ව ගංගාරාමය බේරේ වැව අවට ප්‍රදේශයට දුන් ෆුල් සුද්දය
02:52
Video thumbnail
පොසොන් පොහොයේ සූදානම ගැන වැඩබලන අටමස්ථානාධිපතිගෙන් විශේෂ පණිවුඩයක්
04:35
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:13:41
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි
01:23
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර
01:18
Video thumbnail
නුවරට යන්න බස් නැතුව අසරණ වුණ මිනිස්සු
01:18