කෑගල්ල බන්ධනාගාරයේ දී රැඳවියෙකුට වෙඩි

කෑගල්ල බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ රඳවා සිටි රැඳවියෙකු අද (08) අලුයම් කාලයේ බන්ධනාගාරයේ තාප්පයෙන් පැන පළායාමට උත්සාහ දරා තිබෙනවා.

එම අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩි තැබීමක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී වෙඩි ප්‍රහාරයට ලක්වූ රැඳවියා බරපතළ තත්ත්වයෙන් කෑගල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නඩත්තු නඩුවකට අදාළව රිමාන්ඩ් භාරයේ සිටි මෙම රැඳවියා මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි තොරතුරු වාර්තා වුණේ.

අද (08) අලුයම 2.00ත් 3.00ත් අතර කාලයේ දී මෙම රැඳවියා මෙලෙස බන්ධනාගාරයෙන් පැන පළායාමට උත්සාහ දරා ඇති බව සඳහන්.