කැරම් බෝඩ් නඩුවේ සාක්ෂි විභාගය අවසන් – ලිඛිත හා වාචික දේශන සඳහා දින දෙයි

2015 වර්ෂයේ ජනාධිපතිවරණ සමයේ දී පාසල් අතර බෙදාහැරීම සඳහා යැයි පවසමින් ලංකා සතොස හරහා ආනයනය කරන ලද රුපියල් කෝටි පහමාරකට අධික වටිනාකමකින් යුත් දාම් හා කැරම් බෝඩ් උපකරණ තොගයක් වෙනත් කටයුතු සඳහා යෙදවීමේ චෝදනාවලට වැරදිකරුවන් කරමින් නඩු පවරා ඇති එවක හිටපු වෙළෙඳ අමාත්‍ය නලීන් රුවන්ජිත් ප්‍රනාන්දු හා ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ යන අයට එරෙහිව ඇති චෝදනාවල සාක්ෂි විමසීම අද (19) අවසන් කෙරුණා.

අද පෙරවරුවේ විත්තිකාරයින් දෙපළ ම පෞද්ගලිකව ම අධිකරණය හමුවේ පෙනී සිටි අතර එහිදී බස්නාහිර පළාත් බද දෙවැනි මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල තීරණය කළේ එම නඩුවේ ලිඛිත හා වාචික දේශන ලබන ජනවාරි මස 22 වැනි දින කැඳවීමටයි.

එහි පළමු විත්තිකාර නලීන් ප්‍රනාන්දු හට ජනවාරි මස 10 සිට 16 දක්වා කාලය තුළ විදෙස්ගත වීමට ද අවසර හිමිවුණා.

මෙම අවසරය සම්බන්ධයෙන් ආගමන හා විගමන පාලකවරයා ඇතුළු බලධාරීන්ව දැනුම්වත් කරන ලෙසයි ත්‍රිපුද්ගල විනිසුරුවරුන් වූ ප්‍රදීප් හෙට්ටිආරච්චි, මහේන් වීරමන් සහ ප්‍රදීප් අබේරත්න යන විනිසුරුවරුන් විසින් නියෝග කරනු ලැබුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30