spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කැබිනට් එක ගත්ත අළුත්ම තීරණ මෙන්න

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 03 ක් ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය දී තිබෙනවා.

ඒ අනුව නාඩු සහල් ටොන් ලක්ෂ 02 ක් සහ සම්බා සහල්වලට ආදේශ වශයෙන් තවත් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් මෙලෙස ආනයනය කිරීමටයි ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය දී ඇත්තේ.

මේ අතර මෙම වසරේ යල කන්නය සඳහා සපයනු ලබන පරිසර හිතකාමී දේශීය පොහොර රජයේ පොහොර සමාගම් 02 මගින් මිළදී ගැනීමටද කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

යල කන්නය සඳහාද ගොවීන් වෙත දේශීය කාබනික පොහොර සැපයීම පිණිස පොහොර ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත්තේ.

මේ අතර නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලැබී ඇති සත්ව සුබසාධන පණත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළකිරීමටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් මණ්ඩලය විසින් අවසර දී තිබෙනවා.

මෙම පණත් කෙටුම්පත සඳහා 2020 වසරේ ඔක්තෝබර් 19 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීයි අනුමැතිය ලැබී තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?