කැබිතිගොල්ලෑව ප්‍රදේශයේදී ප්‍රචණ්ඩකාරී පිරිසකගේ ක්‍රියාවක් හේතුවෙන් කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කල පොලිස් සැරයන් 12601 අගම්පොඩිගේ සුනිල් නිළධාරි මහතා තම ස්වකීය රාජකාරීය ඉටු කිරීමට යාමේදී ජීවිතක්ෂයට පත්විය .
ඔහු (31) වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පශ්චාත් උසස්වීම් පදනම යටතේ පොලිස්පතිතුමා විසින් පොලිස් සැරයන් තනතුරේ සිට උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කිරීමට නියෝග කර ඇත .
ඒ මහතාගේ අවමංගල්‍ය කටයුතු (03) වන දින වාරියපොල , සුමංගල අතුරු මාවත පොදු සුසාන භූමියේදී දී පූර්ණ පොලිස් ගෞරවාචාර මැද සිදු කිරීමට නියමිතයි













