කැන්ගරු දේශයේ දී ඉන්දීය කණ්ඩායමේ පළමු ඉනිම කඩුලු අතරේ සේදී යයි

සංචාරක ඉන්දියාව සහ ඔස්ට්‍රෙලියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ප්‍රබල ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිමේ දී සියලු ක්‍රීඩකයින් ලකුණු 150කට දැවී ගියා.

අද (22) තරගය එරට වේලාවෙන් පෙරවරු 7.30ට ආරම්භ වුණේ කාසියේ වාසිය ඉන්දියාවට හිමිකර දෙමින්.

ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ඉන්දීය නායක ජස්ප්‍රිට් බුම්‍රා තීරණය කළා.

කෙසේවෙතත් තම මව්බිමේ දී පළමු ඉනිම වෙනුවෙන් ශක්තිමත් ලකුණු පුවරුවක් නිර්මාණය කරගැනීමට නම් ඔස්ට්‍රෙලියානු වේග පන්දු බලඇණිය ඉන්දීය පිතිකරුවන්ට ඉඩක් දුන්නේ නැහැ.

ලකුණු 80ක් වනවිටත් කඩුලු 06ක් අහිමි ව සිටි ඉන්දීය කණ්ඩායම යම් තාක් දුරකට හෝ ඔසවා තබන්නට ජාත්‍යන්තර මංගල ටෙස්ට් වරම් ඔස්ට්‍රෙලියාවට එරෙහිව අද ලබා ගත් නිටිෂ් කුමාර්ට හැකි වුණා.

නිටිෂ් කුමාර් ලකුණු 41ක් රැස් කළ අතර රිෂාබ් පාන්ට් ලකුණු 37යි.

කේ. එල් රාහුල් ලකුණු 26ක් ලබාගත්තා.

පසුගිය තරගවල දී ද අසාර්ථක වූ කින්ග් කෝලි අද දිනයේ දිත් අසාර්ථක වූයේ හේසල්වුඩ්ගේ පන්දුවක් හමුවේ ලකුණු 05කට දැවී යාමට ලක්වීමෙන්.

කඩුලු බිඳ දැමීමේ දී ඔස්ට්‍රෙලියාව වෙනුවෙන් ජොෂ් හේසල්වුඩ් ලකුණු 29කට කඩුලු 04ක් සහ මිචෙල් ස්ටාක්, පැට් කමින්ස් සහ මිචෙල් මාර්ෂ් කඩුලු 02ක බැගින් බිඳ දැමුවා.

ඒ අනුව ඉන්දීය පළමු ඉනිම ලකුණු 150කට පර්ත් නුවර දී සීමා වුණු අතර මේ වනවිට ඔස්ට්‍රෙලියාව සිය පළමු ඉනිමට පිතිකරණය අරඹා තිබෙනවා.

ඔස්ට්‍රෙලියාව එක් කඩුල්ලක් දැවී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 14ක්.

බුම්‍රාගේ පන්දුවක් හමුවේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 10ක් අතැතිව සිටි Nathan McSweeney යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?