කැන්ගරුවන් දඩයමට සිංහයන් පෙළගැස්වූ සංචිතය මෙන්න

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රබලම ශක්තිය වේග පන්දු යවන්නන් බවත්, ඔවුන්ට මුහුණදීම සඳහා ශ්‍රී ලංකා පිතිකරුවන් වෙනමම සැලැස්මක් යටතේ දින දෙකක කාලයක් පුහුණුවීම් කළ බවත් චරිත් අසලංක පවසනවා..

දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයේදී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙන ගිය අසලංක, ඕස්ට්‍රේලියාවට ‍එරෙහිව පැවැත්වෙන තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවේදී ඒ බව සඳහන් කළා.

“ඕස්ට්‍රේලියාව ඉතාමත් හොඳ කණ්ඩායමක්. ඒක හැමෝම දන්නවා.”
“ඒගො‍ල්ලෝ වෙනුවෙන් අපිට වෙනම සැලැස්මක් තියෙනවා. දවසක් අරගෙන අපි සැලසුම් සකස් කළා ඕස්ට්‍රේලියානු කණ්ඩායමත් එකක් සෙල්ලම් කරන්න ඕන කොහොමද කියලා.

මොකද බංග්ලාදේශ කණ්ඩායම ගත්තාම හාත්පසින්ම වෙනස්. ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශක්තිය තියෙන්නෙ වේග පන්දු යවන්නන් අතේ. පිතිකරුවන් විදියට අපි ඒකට ලෑස්ති වෙලා දවස් දෙකක් පුහුණුවීම් කළා.

ඒ නිසා හෙට තරගට හොඳින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා.”

20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගවලියේ සුපිරි 12 දෙනාගේ වටයේදී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (28 වැනිදා) පස්වරු 7.30 ට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

සුපිරි 12 දෙනාගේ වටයේදී බංග්ලාදේශයට එරෙහිව කඩුලු 5 ක ජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන අතර දකුණු අප්‍රිකාවට එරෙහිව කඩුලු 5 ක් ජයක් ලැබූ ඕස්ට්‍රේලියාව ‘ඒ’ කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ රැදී සිටියි.

දෙපිලම ප්‍රසාද ලකුණු 2 ක් බැගින් ලබා සිටින හෙයින් හෙට තරගයේ ජයග්‍රාහකයන් ප්‍රසාද ලකුණු සටහනේ ඉහළට නගිනු ඇත.

ඇලපෙතේ ආබාධයක් හේතුවෙන් බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයේදී විවේක ගැන්වූ පිට දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ, හෙට තරගයේදී යළිත් කණ්ඩායමට එක්වනු ඇතැයි පුහුණුකරු මිකී ආතර් මහතා පැවැති මාධ්‍ය හමුවේදී තහවුරු කළේය. ‍

මේ දක්වා ක්‍රීඩා කළ තරග 3 දී කඩුලු 8 ක් දවාගෙන සිටින තීක්ෂණ හෙට තරගයේදී ඕස්ට්‍රේලියානුවන්ට ‍එරෙහිව ශ්‍රී ලංකාවට භාවිතා කළ හැකි ප්‍රබලම තුරුම්පුවක් ලෙස හැඳින්විය හැකිය.

ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ගෙන් ඕස්ට්‍රේලියාවට ප්‍රබල තර්ජනයක් එල්ල වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවේදී ඕස්ට්‍රේලියානු කඩුලු රකින ක්‍රීඩක මැතිව් වේඩ් ප්‍රකාශ කළේය.

එබැවින් ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ට මුහුණදීම කෙරෙහි සිය කණ්ඩායම විශේෂ අවධානයක් යොමුකරමින් සිටින බවද එහිදී ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

ජොෂ් හෙසල්වුඩ්ගේ යළි පැමිණීම සිය කණ්ඩායම තවත් ශක්තිමත් කරනු ඇති බවත්, දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ලකුණු අතරට පැමිණීමට අපොහොසත් වූ ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් (ඩේවිඩ් වෝනර් සහ නායක ඒරන් ෆින්ච්) හෙට තරගයේදී සුපුරුදු දස්කම් අතරට පැමිණෙනු ඇති බවත් එහිදී වේඩ් පැවසිය.

ඔහුගේ එම කියමන නොසලකා හැරිය හැකි කරුණක් නොවන්නේ වන්නේ අවසන් වරට ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩා කළ විස්සයි-20 තරග තුනේදී ඩේවිඩ් වෝනර් ‍ශතකයක් (100) සහ අර්ධ ශතක දෙකක් (60 සහ 57) ලබාගෙන තිබීම හේතුවෙනි.

එබැවින් හෙට තරගයේදී කල්වේලා ඇතිවම වෝනර් පිටියෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අසමත් වුවහොත් එය ශ්‍රී ලංකා කණ්ඩායමට පසුතැවීමට හේතුවක් වනු නොඅනුමානය.

වෝනර් හැරුණු කොට කල් වේලා ඇතිවම ක්‍රීඩාගාරය වෙත හරවා යැවිය යුතු පිතිකරුවකු වේ නම් ඒ ග්ලේන් මැක්ස්වෙල්ය.

එදා පටන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එළව එළවා පහරදෙන මැක්ස්වෙල්, ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේදී හොඳ හැටි සිය පිත්ත පදම් කරගත්තේ තරග 15 කදී අර්ධ ශතක 6 ක් සමග ලකුණු 513 ක් රැස්කරමිනි.

පසුගිය සති කිහිපය තුළ දිගින් දිගටම එක්සත් ආරබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩාංගණවල ක්‍රීඩා කළ මැක්ස්වෙල්, එම ක්‍රීඩාංගණවල තණතීරු හැසිරෙන ආකාරය පිළිබඳව මනා වැටහීමකින් සිටීමද ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට මහත් හිසරදයක් වනු ඇත.

තරගයට පෙර දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුවීම්වල නිරත නොවුණ නමුත්, ඕස්ට්‍රේලියානු නායකයා සහ පුහුණුකරුවන් කිහිපදෙනකු ක්‍රීඩාංගණයට පැමිණ තරගය සඳහා වෙන්කර තිබූ තණතීරුව පරීක්ෂා කරන අයුරු දැකගත හැකි විය.

ශ්‍රී ලංකා සංචිතය
දසුන් ශානක (නායක), කුසල් පෙරේරා, අවිෂ්ක ප්‍රනාන්දු, චරිත් අසලංක, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, ‍මහීෂ් තීක්ෂණ, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, දුෂ්මන්ත චමීර, භානුක රාජපක්ෂ, පැතුම් නිස්සංක, අකිල ධනංජය, ළහිරු කුමාර සහ බිනුර ප්‍රනාන්දු

ඕස්ට්‍රේලියානු සංචිතය
එරන් ෆින්ච් (නායක), පැට් කමින්ස්, ඇෂ්ටන් ආගර්, ජොෂ් හෙස්ලවුඩ්, ජොෂ් ඉංග්ලිස්, මිචෙල් මාෂ්, ග්ලේන් මැක්ස්වෙල්, කේන් රිචඩ්සන්, ස්ටීවන් ස්මිත්, මිචෙල් ස්ටාක්, මාකස් ස්ටොයිනිස්, මැතිව් වේඩ්, ඩේවිඩ් වෝනර්, ඇඩම් සම්පා සහ මිචෙල්ස් ස්වෙප්සන්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18